මිනිසකු තුළ යම් අදහසක් අධිෂ්ඨානයක් ඇති වුනහම ඒක කාගෙන ඉලක්කය කරා යන්නෙ මිසයිලයක් වගේ.
මේ ඉන්නෙ රොහාන් විතානආරච්චි. රොහා මට හම්බ වෙන්නෙ 1991 දි විතර කැලණියෙ විශ්ව විද්‍යාලෙදි. රොහා කලේ ෆිසිකල් සයන්ස්. මම කලේ බයෝ. රොහාන් විතානආරච්චි හරි නිහඩ මිනිහ. කාටවත් කරදරයක් වන වචනයක්වත් කියනව මට ඇහිල නැහැ. ඊට පස්සෙ ඔහුව ආයෙ ආශ්‍රය කරන්න හම්බුවෙන්නෙ 2014 විතර සිට ඕස්ට්‍රේලියාවට ආහම. ඒත් දුරකතනයෙන්. මොකද රොහාන් ඉන්නෙ මෙල්බන්..මම ඉන්නෙ බ්‍රිස්බේන්..රූපය නොදැක්කට හදවත පෙනෙනවා.
මචං එදා ලංකාවට ගිහින් ආවයින් පස්සෙ මට අදහසක් ආවා එක අසරණ පවුලකට නිවසක් හදල දෙන්න. රවිදු කියල පුංචි ආබාධිත දරුවකුගෙ පවුලට. ඒ ලමයා කුඩා කාලෙ ශල්‍යකර්මයක් වැරදිලා කකුලක් ඉවත්කරලා. ඒ පවුල ජීවත් වෙන්නෙ අලව්වේ පුරන්වූ වෙල් යායක් අද්දර ඉතා කුඩා කුලී පැල්පතක. ළමයගෙ පියාට ක්ෂය රෝගය වැලඳිලා සුවවුනත් රස්සාවක් කරන්න බැහැ.
ඇස්තමේන්තුව අනුව සම්පූර්ණ වැඩේට ලක්ෂ 13 ක් විතර යනවා. මට ඒ සම්පූර්ණ වැඩේ තනියෙන් කරන්න සල්ලි නැහැ. ඒත් මම කල්පනා කලා කොහොම හරි යාලුවො ටිකත් එකතු කරන් ඒක කරන්න..රොහාන් කීවෙ මීට වසරකට පමණ පෙරදි.
කාර්ය ආරම්භක හැකියාව හා පවත්වාගෙන යාමේ වීරිය
ඊට පස්සෙ බොහෝ දේවල් සිද්ධ වුණා. පාදයක් අහිමි වූ රවිඳු පුතුට සෙවණ සදමු..Shelter for Ravindu Facebook සත්කාර්ය නමින් වැඩ පිළිවලකුත් ඇරඹුණා.ඕස්ට්‍රේලියාවෙ කැලණියෙ හිටපු යහලුවො විතරක් නෙමෙයි, මෙල්බන් වල රොහාන්ගෙ හිතවතුන් බොහෝ දෙනනෙකු එක පොදියට වැඩේට දායක වුණා. ලංකාවෙ මෙන්ම ලෝකෙ වටෙ හිටපු හදවත් ඇති යහපත් මිනිසුන් රැසක් පුලු පුලුවන් විදියට සහයෝගය දුන්නා.
කවුරුහරි ඔය වගේ ප්‍රොෙජක්ට් එකක් ගෙනෙද්දි මොන සල්ලිකාරය වුනත් ඕං කියල සල්ලි දෙන්නෙ නැහැ. මොකද එකටම වැඩේ කරන එකා ගැන විශ්වාසයක් තියෙන්න ඕනෙ. ඒ අතින් රොහාන් බොහොම ඉදිරියෙන් ඉන්න චරිතයක්. අනෙක තමයි කාට වුනත් එක පාරටම ලොකු ගාණක් පරිත්‍යාග කරන්න අසීරු වීම. අතේ මිටේ තියන තියන හැටියට කීය කීය හරි එකතු කරන් තමයි රොහාන් වැඩේට බැස්සෙ. කවුරු දුන්නත් නැතත් මචං මම තනියෙන් හරි පටන් ගත්තු වැඩේ කරනවා. රොහාන් කිව්වෙ එහෙම.
No comments:
Post a Comment