Friday 26 May 2017

පිනේ අඩු නැති- අනේ පිඬු සිටු

පිනේ අඩු නැති- අනේ පිඬු සිටු...


අනේ පිඬු සිටුතුමාණෝ
අපිස්බව මතු කලාණෝ
සිතම හිස්කර බුදුන් හැබැහින් 
දුටුව නැණවතාණෝ
දහස් සුවහස් දනන් තුඩ තුඩ
පින් සිත්මඇති කලාණෝ

පුරා කහවනු එබිම අතුරා
ජේතවන පින් බිමාණෝ
පුදා බර හිස් කලාණෝ
සියලු රැස් කළ ධනය දන් දී
නිවා සිත සැන සුවාණෝ
පිනේ අඩු නැති
අනේ පිඬු සිටු තුමාණෝ
ගසා මලු පොදි සිතම අවුරා
හිඳින සිත් කැළඹුවාණෝ
යථා බව මතු කලාණෝ
තුටින් දන් දී දුගී වූවත්
සිතින් මහ පෝසතාණෝ
පිනේ අඩු නැති
අනේ පිඬු සිටු තුමාණෝ

෴සමනොළ විජයරත්න෴
14/05/2014

Wednesday 24 May 2017

ඒ ඒ බනිස්වලට කුරාණය බයිබලය හා ත්‍රිපිටකය

ඒ ඒ බනිස්වලට කුරාණය බයිබලය හා ත්‍රිපිටකය?

බයිබලයේ පරණ තෙස්තමේන්තුව හා කුරාණය සමාන බව සත්‍යයක්. සිය දෙවියන් විශ්වාස නොකරන්නා විනාශකරන මෙන් එහි සදහන්වන බව දැකිය හැකියි. එහෙත් දෙවිවරු ඔහොම මීනිමරණ උපදෙස් මෝඩ මිනිසුන්ට දෙන්නේ නැත. කාලෙන් කාලෙට ලොව ඉපදුනු තමන් දෙයියන්ගේ සමීපතමයකුයැයි කියාගන්නා පූජක පිරිස් අතින් සිය වාසිය තකා ඔය කියන්නා වූ ශුද්ධ ලියවිලි සැකසෙනව. මොනාවුනත් වත්මන වන විට බයිබලය ඒ ආගමික ප්‍රජාව විසින් ක්‍රමිකව විද්‍යනුකූලව සහ මනුෂත්වයට ඔබින විදියට යම් යම් ආකාරයට සංස්කරණය කර තිබෙනව. ඒ අනුව ඔවුන් දෙවියන් යන්න අතිශය උත්තරීතර ලෙස අර්තගන්වා තිබෙන බව පෙනෙනව. යමෙක් ඔබගේ වම් කම්මුලට ගැසුවොත් අනෙක් කම්මුලද අල්ලන මෙන් අතිශය සාමකාමී මානුෂවාදී අහිංසක දෙසුමක් ඉන් ජනිත කෙරෙනව. එය අතිශයින්ම මානව ප්‍රගමනයට බලපානව. එහෙත් කුරාණය ම්ලේච්ඡ පැරණි පූජකයින් කියපු යම් කූඨ පරමාර්ථ දේවත්වයෙහි ලා සලකා ගෙන දියුණු ශිෂ්ටාචාරය තිරිසන් වනචාරී යුගයට ගෙනයන්න හදනව. මොලේ තියන මුස්ලිම් ප්‍රජාව දෙයියන්ට තියන බොරු හුඹස් බිය අයින්කරන් රැඩිකල් විදියට හිතන්න ඕනි.
අනික තමයි බුද්ධාගම. බුද්ධ දර්ශනයෙ කොතැනකවත් කියල නැහැ ආගම වෙනුවෙන් හරි මොනම දේකට හරි අනෙකාව මරා දාන්න තියා අඩුතරමේ හිංසාවක්වත් කරන්න. සිතෙහි වූ අපිරිසිදු රාග ද්වේශ මෝහ සිතුවිලි ක්ෂය කරමින් සීල සමාධි ප්‍රඥා යන මනුෂ්‍යත්වය ද අභිබවා යන ශ්‍රේෂ්ට සිතුවිලි මනුෂ්‍යකු තුළ ප්‍රගුණ කරවන දහමක්. ඒත් කරුමය වනාහී මෙම ධර්ම රැකීම පිණිස කටයුතු කරන සමහර වහන්සේලා කුරාණය හෝ පරණ තෙස්තමේන්තුව අදහනවදො කියලත් හිතෙනව. ඒත් ඒ අය කියන්නෙ අපි අපේ ධර්මෙ මිනී මරණ හිංසාකරන ඒව නැතත් අරුන් අර විදියට එනව නම් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි සප්ලයි කරල පෙන්නන්නත් අපිට පුලුවන්ය කියල. බලපුවහම ඒකෙත් තර්කයක් තියනව. ඒත් ඒක බුද්ධ දර්ශනයට නම් කිසි ලෙසකින්වත් ගලපන්න බැහැ. කරුණාව මෛත්‍රිය තුළින් තමන් නැසීමට එන සතුරා තුළ වුව ද ප්‍රඥාව අවධිකර ඔවුන් තුළ මනුෂ්‍යත්වය නගාහිටුවන්න කටයුතු කිරීම හැර මීට ගැලපෙන වෙන විසඳුමක් නම් නොපෙනේ.
෴සමනොළ෴

Sunday 21 May 2017

සිරි ලංකාව සිරියාවක් නොවීමට නම්

ලංකාවේ අහිංසක අපේ මල්ලියා (තම්බියා) මුස්ලිම් අන්තවාදයේ ගොදුරක්වීමට තල්ලු නොකොට ගලවා ගැනීම සිංහල දෙමළ සහෝදරයින්ගේ සහොදරකමය


ලංකාවේ තම්බියා අරාබියේම ප්‍රඩක්ට් එකක් නොවේය. උන්ගේ ඇති ජාන වලින් වැඩි කොටස සිංහල දෙමල ජනතාවගෙන් උපන් මාතාවන් හරහා ආ ජානය. ඒ නිසා සිංහල හා දෙමළ ජනවර්ග දෙකෙහිම ගතිලක්ෂණ කලවම් වූ කණ්ඩායම මේ අයය. මුන් අපි දෙගොල්ලන්ගෙම නෑයෝය. ගුණ යහපත් සහෝදර මුස්ලිම් මිනිස්සු ඕනෑ තරම් සිටිති. එහෙත් ලෝකයේ විවිධ පැතිවල අතිශය ම්ලේච්ඡ ආකාරයට ඉස්ලාමය පතුරුවා ලමින් අන් මිනිසුන්ගේ හා සෙසු ජනවර්ග මරාදමමින් කරන කුජීත වැඩ පිළිවෙල හරහා ලංකාවේ තම්බියා ද උගේ සහොදර සෙසු ජනවර්ගද බිලි දෙන්නට ඉඩ නොතැබිය යුතුය.

මුස්ලිම් අන්තවාදයට එරෙහි මුස්ලිම් ප්‍රජාව රැකගමු

ලංකාවේ යහපත් සහෝදර සාමකාමී මුස්ලිම් ජනයාට ඔවුන්ගේම යම් අන්තවාදී කොටසක් සිදුකරන මෙම මිලේච්ඡ ව්‍යාප්තවාදය ගැටලුවක් බව නොරහසකි. කරුමය වනාහී ඒ හැම එකාම එකම ගොඩේ දා සලකන්නට යාමෙන් මුස්ලිම් ත්‍රස්තවාදය විසින් ලංකාවද බිලිගන්නට වැඩි දවසක් නොයනු ඇතිය. තැන්පත් මුස්ලිම් මිනිසුන්ද සිය අන්තවාදීන්ගේ කුරිරු කම ගැන දන්නා නිසා මුස්ලිම් ආගමිකයන් අතුරෙන් මුස්ලිම් අන්තවාදයට එරෙහිව සැලකිය යුතු විරෝධයක් මතු කරන්නේ නැතිය. ඔවුන්ට ශක්තිය දිය හැක්කේ සහොදරත්වයෙන්මය. එහෙත් වැඩේ වල් වූ පසුව සිරිලංකාව ද සිරියාවක් වන්නට හැකිය. ලංකාවේ තියෙන ප්‍රශ්න මදිවාට ඊලගට සෙට් වීමට ඇති තවත් ගේමක් වීමේ අවදානම අවතක්සේරු කළ යුතු ද නැතිය.

බෞද්ධ හිමිවරුද රැකගමු

මේ සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් දක්වන විරෝධතා නැවතවරක් මුස්ලිම් අන්තවාදයේ අරමුණු තෘප්ත කරන්නක් බවට පත්වනු පෙනේ. මිනිසුන් තමන් කැමති ආගමක් අදහා ගත්තාට කිසිදු ගැටලුවක් නැතිය. එහෙත් සෙසු ජනවර්ග අභිබවා සිය වර්ගයා බෝකර මින් ගේමක් ගැසීමට පිඹුරුපත් හැදීම අවලං වැඩකිය. මේවායේ කෙළවර අන්ත ජනවාර්ගික ආගම්වාදී ගැටලුවකට මුලය. ශ්‍රී ලංකාව තව වසර ගණනාවකට පල්ලමකට වැටීමකිය.

අන්තවාදය පාලනය කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් හරහා යාන්ත්‍රණයක්

මෙවැනි අන්තවාදී කටයුතු පාලනය කර නවතා දැමීම පිණිස රජය මැදිහත්වීම අත්‍යාවශ්‍යය. මේ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායකින් අරඹා ඉදිරියට යායුතු පරිපාලනමය යාන්ත්‍රණයක් ඇති කිරීම වහ වහා කළ යුත්තේය. එහිදී,
1.ආරක්ෂක බුද්ධි අංශ මෙන්ම නීති අංශද සවිමත් කළ යුතුය. එමගින් .අයිඑස් එස් වැනි ගහලයන් බිහිවීම වලකා ගන්නට ජනතාවගේ සහය මත රජයේ යම් වැඩපිළිවෙලක් සැකසිය යුතුය.
2. ජාත්‍යන්තර මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහි ලෝක බලවතුන්ගේ වැඩ සටහන් සමග අත්වැල් බැදගැනීම.
3.රටේ ඇති මනුෂ්‍යත්වයට නොහොඹිනා ආගමික නීති (විශේෂයෙන්ම ෂරියා නීතිය) වැනිදෑ අහෝසි කිරීමත්, මුස්ලිම් ප්‍රජාව කාන්තාව කෙරෙහි දක්වන පහත් සැලකිල්ල පවා තහනම් කරදැමීම හා ඒවා නීතිප්‍රකාරව සිදුවේද යන්නත් යාමනය කිරීමේ වැඩකටයුත්තක් ඇතිකළ යුතුය.
4.මෙහෙිදී මානව ගුණ දම් අගයන යහපත් මුස්ලිම් ප්‍රජාව ශක්තිමත් කර සිය ප්‍රජාවේ මානවවාදී නොවූ දුර්මත දුරු කරවීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කළ යුතුය. ඒ සදහා සිංහල දුවිඩ සහෝදරත්වය තුළ ඔවුන් රදවා ගැනීම.
5.එසේම මුස්ලිම් හා අන් ජාතික අන්තර් විවාහ වලදී අනිවාර්යෙන් අන්වර්ගයා මුස්ලිම් විය යුතුය යන මානව විරෝධී මුස්ලිම් ආගමික නීතිය තහනම් කළ යුතුය. මක්නිසාද යත් මේ වනවිට ලංකාවේ මුස්ලිම් ප්‍රජාවේ මව්වරු 90%ක්ම ලාංකික සිංහල දෙමළ බෞද්ධ හින්දු කතෝලික යන සෙස්සන්ගෙන් ගෙන මුස්ලිම් කරගත්තෝ වෙතිය. එසේවීම වැලකීම හෙවත් ලිහිල් කිරීම අනුව ලංකාවේ තම්බියාද ආගමික අන්තවාදී ග්‍රහණයෙන් මුදා ගැන්මට හැකිවනු ඇත.ඌ අපේම මල්ලියෙක් බවට තහවුරු කෙරෙනු ඇත..

෴සමනොළ෴

Saturday 20 May 2017

වාර්ගික ගැටුම් ඔස්තාර්ලා හමුවිමි

වාර්ගික ගැටුම් ඔස්තාර්ලා හමුවිමි

ලොව වැඩියෙන්ම ජනවාර්ගික ගැටුම් ඇති රටවල සිට ඕස්ට්‍රේලියාවට පැමිණි මිනිසුන්ගේ එකමුතුවකට සහභාගිවන්නට අවස්තාව ලැබුණ. ලංකාව මියන්මාරය ඇතුලු ආසියානු කලාපයත්, මැදපෙරදිග, අප්‍රිිකානු හා ලතින් ඇමරිකානු කලාප වලත් ඇති එවැනි රටවල මිනිසුන්ගේ අදහස් හැගීම් දැනගැනීමට හැකිවුණා. කිසිදු වෙනසක් නැත. ඔවුන් හැමම තමන්ගේ ජාතිය හා ආගම තමයි හොදම එකයැයි හිතන බවත් රටේ දේශපාලකයෝද තමන්ගේ සුඛවිහරණය ගැනම තකා ජනතා දේපල මංකොල්ලකාගන්නා බවත් හැම තැනින්ම කියැවිණ.
එසේම ඔවුන්ගේ රටවල බොහෝ අය ද ප්‍රශ්නයේ මතුපිට ඇවිලී ඇති ස්වරූපය මිස ඊට මුල්වූ හේතු ඵල සොයා විසදුම් දෙන ආකාරය ගැන නොසිතන බව පොදු ලක්ෂණයක්. හේතුඵල ධර්මය හෙවත් හේතුයුක්ත සොයා විසදුම යෝජනාකිරීම නොදකියි. එසේ කීවිට මේ ප්‍රශ්නය නිමා කරන්නට හේතු වූ කාරණා ඉවත් කරනු පිණිස සෙසු සියලු ජාතීන් මරා ඉවරයක් කළ යුතුය යන විසඳුම තමා ඔවුනට ඇති ඒකායන විසදුම ලෙස එන්නෙ. එතනින් එහාට කතාව හරිම අමනුස්සය.
ඒක ඉතිහාසය පුරා අත්හදා බැලූ එක්තරා විසදුමකි. එමගින්එ වඩා ශක්තිමත් යුධහැකියාව ඇති ජනකොට්ඨාසය දිනනව. ඒත් එහි ප්‍රතිඵලය ස්ථිරසාර නැහැ. අතිශය තාවකාලික මර්ධනයක්. වෛරය තෙරපා හදවත්වල දිගුකාලයක් පවතින සේ තැන්පත්කර තැබීමක්. සිදුවන්නේ ටික කලක් අල්ලන් හිටියට ආයෙම ප්‍රශ්නෙ මතුවන එක. එහෙත් මෙය රටක් විදියට ජාතියක් විදියට මීට වඩා ගැඹුරින් සිතා විසදුම් දීමට හැමම ඉදිරිපත් විය යුතු බව පෙනෙනව. අන්තවාදය විසදන්න රටේ මූලික නීතිය හා එය දැඩිව ක්‍රියාකරවීමත්. සැවොම එක එක පිලේ සිට මරාගෙන මැරෙන්න ටෝක ඊෂූ කරමින් නොඉද සහෝදරත්වය වඩා රටේ සමස්ත දියුණුව ගැන පොදු ඉලක්කයකට එකගතාවකට ජාතීන් තුන එකමුතු කිරීමයි වැදගත් වන්නෙ. ජනතාවට වඩා විශ්වසනීයත්වයක් ඇති නීතිය සාධාරණය අකුරටම රකින ශක්තිමත් දේශපාලනයකින් මිස මේ රටේ එය කළ නොහැකිවනව.
එහෙම නැත්නම් ආයෙ කවුරු බලේට ආවත් ඉතිහාසය පුරා වගේම ජනවාර්ගික කෝලාහල වලින් මේ රට තවත් සියවස් ගාණක් පවතීවි. හැමෝම තමන්ගෙ ජාතිය උතුම්ම බව කියමින් සිටීවි. අපිට අරුන් ගහයිද? අපේ දේ වනසයිද? ඉදිරියෙ උන්ට මේක රැකල දෙන්ඩ බැරිවෙයිද? යන නොවිසිදෙන සිතුවිලි සමග ලංකාවෙ වගේම මේ තත්ව ඇති අප්‍රිකානු නොදියුණු සමාජවල පවා මිනිසුන් ඉපදුන දාසිට මැරෙනකම්ම හිතමින් වියවුලෙන් මැරිල යනව. එහෙම ජනවර්ග හෝ ඒවායේ පීඩනයක් නැති දියුණු සංස්කෘතියකට ආහම එහි ඇති නිදහස් සාමකාමී බලපෑම මානව ගුණය මෙන්ම මිනිසකු ලෙස නිදහස්ව හිතන්නට ඇති හැකියාව මනාව පිබිදෙනවා
෴සමනොළ෴

Thursday 18 May 2017

ඉල්ලං කා

ඉල්ලං කා

ඉඳහිට දඩයමක් කර ලත් ....................ඇසිල්ලේ
පූසා සිටී කරබාගෙන ..........................නිදැල්ලේ
කවුඩූ පණික්කී හිඳ අඹ ........................රිකිල්ලේ
කිරිලිය ඉදිරියේ දස්කම් .......................රැඟිල්ලේ


සොඳුරිය බලනු මැන මගෙ වැඩ නැත .......බොරුව
බළලා මෝඩයෙකි මම වෙමි වැඩ ..............කරුව
මොකටද ඉතින් තව දුරටත් කුරු ................කුරුව
කොටලා සැනින් පියඹිමි පෙන්නමි...............තරුව

කිරිලිගෙ කිචි බිචිය කවුඩට හරි ................ජොලිය
ජින්තුව අරන් පියඹා ගියෙ නොව ................මැලිය
එල්ලය තබා පූසගෙ තක්කලි ......................සුලිය
කැරකිල ඇවිත් කෙටුවයි අරඹා ...................වළිය

සැනකින් පහර ලද අණ්ඩා කෝෂ ...................යට
පූසා උඩ ගියා පැන්නා මළ ...........................ඌට
එහෙ මෙහෙ ඇඹරිලා හිරි ඇර ගෙන ..............ගාට
ආයෙත් ඇල වුණා කහටක් නැති .................ලෙසට

කඩුඩිගෙ මද හාස කිචි බිචි මැද .....................ජයට
කවුඩා තවත් වීරත්වය ගෙන ........................කරට
ඤාවුත් කියා කෑගසමින් ..............................පූසාට
විදුලිය වගේ කොටලා යයි ......................කිණ්ඩියට

මොන මගුලක්ද මේකා මට ....................කරන්නේ
පූසා නිවී සැනෙසිල්ලේ .........................හිතන්නේ
ඇසිපිය හෙළන පමණින් මට ...............කොටන්නේ
ඤාවුත් කියා කෝචොක් එක ....................දමන්නේ

කවුඩට හති නමුත් කිරිලිගෙ කිචි ...................බිචිය
ගෙනෙනා සතුට නිම්හිම් නැති විය ................රුචිය
ලැබගෙන ලකුණු හා ඇයගේ ..................අභිරුචිය
රති සුව විඳින තුරු කවුඩට හං ......................කිචිය

තව එක්වරක් පියඹා ගොස් ...................කොටාලා
පූසව පෙලා එන්නට ඌ ...........................සිතාලා
ඇල්ලුව අඩව්වේ ලුහු තැන් ...................හොයාලා
පූසා පැනපි කුරුමාණම් ...........................විදිල්ලා

බලලුගෙ තියුණු රදනක දත් අතර ...............මැද
කවුඩූ පණික්කී හෙලුවයි හුස්ම .................පොද
නොකරම් ඕව කොච්චර මම ...................කීවාද
කියමින් කෙවිලි හඩමින් ගියෙ වනේ ...........වැද
෴සමනොළ෴

උඩින් ඔපයට

උඩින් ඔපයට තියන ........මතුපිට
දුරට සුන්දර වගේ .........පෙනුනට
හඳට ආවොත් තමයි ......නියමෙට
පෙනෙන්නේ ආවාට .........යහමට

එහෙත් සඳ ගැන හිතේ .....හැගුමට
සාපේක්ෂව දැනෙන ...........දැක්මට
අනුව මිස නැත පෙනෙන්නේ ...මට
සඳේ ඇති ආවාට..............රුවිතෙට

෴සමනොළ෴

බවුන් වැඩීම වූ කලි යානාවක් ගමනාන්තය තෙක් ධාවනය කරවීමක් වැනිය

බවුන් වැඩීම වූ කලි යානාවක් ගමනාන්තය තෙක් ධාවනය කරවීමක් වැනිය

මෙහි දක්වා ඇත්තේ ගුවන් යානයක නියමු කුටියේ පින්තූරයකි. මෙහි බැලූ බැල්මට හැමතැනින්ම එක එක ජාතියේ පාඨාංක සටහන් වන මීටර් ගොන්නක් පෙනේ. ඒ නිසා මෙය පැදවීම වූ කලි අතිශය දුෂ්කර බව සිතෙනු ඇත. එහෙත් මෙකී විවිධ පාඨාංක සටහන් මීටර වනාහී අදාල යානයේ සෞඛ්‍ය තත්වය හා එය අවට පාරිසරික තත්ත්ව වලට අනුව උපද්‍රවයකින් තොරව ගමනාන්තයට පදවා යාමට උපකාරක වන බව පැහැදිලිය. ඒ අනුව යමෙක් මෙකී පාඨාංක කියවීමටත් ඒ අනුව රථය ධාවනය කිරීමටත් පුරුදු පුහුණු වූයේ නම් තමන්ගේ විශ්වාසය මත අදාළ පාඨාංක කියවමින් ගමන චූන් එකේ ගිය හැකිය.

භාවනාවද මීටර බලා පාඨාංක කියවා ඩ්‍රයිව් කිරීමකිය

භාවනාව ද එවැනිම වැඩකි. බොහෝ අය එයට අතිශය බිය වෙති. සමහරු ඊට බිය කරවති. එය නම් පව් වැඩකි. යමක් ගැන නිවීහැනහිල්ලේ කල්පනා කර පුරුදු මොළය ඇත්තාට භාවනාවේ යාන්ත්‍රණය අල්ලා ගැනීම සිම්පල්ය. එසේම වාහන පදවා හුරු අය වාහනයේ හීට් මීටර, ස්පිඩෝ මීටර, ඉන්ධන මීටර ආදියේ පාඨාංක ගැන යන්තමින් හෝ දන්නේ නම් ද බේක් ගැසීම හෝන් ගැසීම, සුක්කානම හුරැබුහුටිව හසුරවා පාගා නිරුපද්‍රිතව ගෙනයාමට කුසලතාවක් ඇත්තේ නම් භාවනාව ද එවැනි කුසලතාවක් බව සිතුවාට කිසිදු අවුලක් නැතිය.

භාවනාව එක්සයිස් එකකි.

භාවනාව යනු හොඳටම බුද්ධිමත් අධික ඥානවන්ත ප්‍රාඥයින්ට පමණක් වූ උත්තරීතර දෙයක් බවට සමහරු කියති. එය නම් පට්ට පල් අමූලික බොරුවකි. එවන් ප්‍රඥාවන්තයින්ට භාවනාව ඒතරම් අවශ්‍ය නැතිය. ධර්මකාරණා සැනින් ඔවුනට තේරුම් ගැනීමට ඉතා උස් බුද්ධියක් තිබෙන බැවිනි. එවැනි සූක්ෂ්ම බුද්ධිමහිමයක් ඇති මිනිසුන් උද්ඝටිතඥ සහ විපටිතඥ පුද්ගලයින් ලෙස හැඳින්වේ. ඔවුනට යම් කිසි ගැඹුරු දහමක පේලියක් ඉතා කුඩා සාරාංශයක් මුණ ගැසුණු කල්හී සාකල්‍ය ග්‍රහණය වෙති.

මොලේ නැති අයට මොලේ පාදගන්න ඒකායන ව්‍යායාමය

එහෙත් නෙයිය හා පදපරම පුද්ගලයින් ලෙස හැදින්වෙන මනුෂ්‍ය ලෝකයේ බහුතරයකට යමක් තේරුම් ගැනීමට සෑහෙන්න මහන්සි විය යුතුවේ. ඔවුනට අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණය ද අවබෝධ කර ගැනීඹට බොහෝ වෙහෙස මහන්සි විය යුතුවේ. ඔවුනට එකී කාරණා නැවත නැවත ඉගෙනීම ඒ ගැන විවිධ කෝණ වලින් හිතමින් සමස්ථය සිය මනසට ජීරණය කර ගැනීමට භාවනාව මගින් බ්‍රේන් වොෂ් කරගත යුතුව ඇත. භාවනාව ද බ්‍රේන් වොෂ් එකකි. එය නියම පිළිවලට සිදු කර නොගත්තේ නම් තිබ්බාටත් වඩා අවුල් වනු ඇත.

භාවනාව තනිව කරගන්න බුදුන් දුන් මීටර් පද්ධතිය

ගුරු ඇසුර සහිතව කළ යුතු බව කියන්නේ ඒ නිසාය. එහෙත් ගුරු ඇසුර නැතුව ද එය කර ගෙන නිවැරදි මග යාමට හැකි විද්‍යනු කූල මීටර් පද්ධතියක් බුදුරදුන් විසින් අණාවරණය කොට තිබේ. එකී මීටර හා ඒවායේ අදාළ පාඨාංක ලබාගෙන ඒවා කියවමින් තමාගේ භාවනා කර්මස්ථානය මනරම්ව කරගෙන යාමට අවකාශ ලැබේ. එනම් එය සිය ගුරු තනතුරෙහි ලා සැලකීම ද හොඳම දෙයකි.
එකී මීටර පද්ධතිය සත්තිස් බෝධී පාක්ෂික ධර්ම ලෙස හැඳින්වේ. එනම් කිසියම් මීටර 37ක මීටර පද්ධතියක් ඔබට සපයා දී තිබේ. සතිපට්ඨාන 4, සම්‍යක් ප්‍රධාන 4, සෘද්ධිපාද 4, ඉන්ද්‍රිය 5,බල 5, බොධ්‍යංග 7,මාර්ගාංගයෝ 8 ලෙස ඒවා හැඳින්වේ. මේ එකි නෙක විග්‍රහ කිරීම වූ කලි ඔබට භාවනා කිරීමේ උනන්දුව මෙතනින්ම නැති කිරීමට ද හේතු විය හැකි බැවින්, අවශ්‍ය අය වෙතොත් ධර්ම පුස්තකයක් ගෙන ඒවා සොයා ගන්නට යැයි කාරුණිකව ඉල්ලමි. එහෙත් මෙතැනදී මීටර හා සත්තිස් බෝධීපාක්ෂික ධර්ම අතර ඇති සමානතාව හා එය භාවනාවේදී යොදාගන්නා අයුරු නිදසුන්ක් දෙකක් ඉදිරිපත් කරමි. ඉතිරිය ඔබ ගේ මනසින් අදාළ ධර්ම කාරණා සොයාගෙන ගමනට පිවිසිය හැකිය.

භාවනාවට දුන් (ප්‍ර)බුද්ධ මීටර කියැවීම

වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදිය උක්ත බොහෝ කාරණාවලට අයත් භාවනා වඩන්නකුට දී තිබිය යුතු ගුණාංගය. වීරිය යන්න ගත හොත් තමන් අදාල භාවනා කර්මස්ථානය වැඩීමට උත්සාහය හෝ වීර්යක් තිබිය යුතුය. එසේම දිගටම කරගෙන යාමට ටද වීරිය තිබිය යුතුය. අවසන අදාළ ප්‍රතිඵලය ලබාගැනීමට ද එම වීරිය අත්නොහැර ගෙන ආයුතුය. දැන් මෙම වීරිය නමැති මීටරය වාහනයක හීට් මීටරය හා සසඳා බලන්න. එහි දර්ශක කටුව බින්දුවේ තිබී බැරිය. එය තරමක් උස් අගයක තිබිය යුතුය. එසේම වීරිය ඕනෑවට වඩා තිබුණ හොත් අධික වීරිය නිසා හිත සමාධිගත කරගත නොහැකිව භාවනාව අවුල් වේ. එහෙයින් මෙය මධ්‍යස්ථව පාලනකින් යුතුව තබා ගත යුතුය.
එසේම සතර සම්‍යක් ප්‍රදාන ලෙසින් ද මාර්ගාංග විස්තරයෙහි එන සම්මා වායාම හෙවත් වීරිය චෛතසිකය හඳුන්වන කාරණා 4 ද අතිශය වැදගත්වන මීටරයකි. එහි තිබිය යුතු පාඨාංක 4හි සිත පවත්වා ගත යුතුය. එනම්,
1. උපන් පාපයන් නසනු පිණිස වීරිය වඩනු
2. නූපන් පාපයන් නූපදීමට වීරිය වඩනු
3. උපන් කුසල් වැඩි දියුණු කිරීමට වීරිය වඩනු
4. නූපන් කුසල් සිතුවිලි ඉපිදවීමට වීරිය වඩනු
------------------------------------------------------------------------------------------------------------------------------
මේ වන විට භාවනා වැඩීමට පුද්ගලකු දැනගෙන සිටිය යුතු යම් යම් දැනුම කොටසක් දැක්වූයෙමි. එහෙයින් ඊලඟ ලිපියෙන් සමථ භාවනාව වැඩීම සම්බන්ධයෙන් කතා කරමු.

(8 කොටස)

෴සමනොළ෴

මුලු සංසාරයම ඉන්ෂුවරන්ස් කරන ත්‍රිලක්ෂණය

මුලු සංසාරයම ඉන්ෂුවරන්ස් කරන ත්‍රිලක්ෂණය

භාවනාව වැඩීමේ දී මතුවිය හැකි මනෝභ්‍රාන්තීන්, බිය පහකර දිගටම කරමස්ථාන වැඩීමේ ආරක්ෂකයා ලෙස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය භාවිතාවට ගැනීම ගැන පසුගිය ලිපි වලදී තරමක් දුරට කතා කලෙමු.
අනිත්‍ය ලක්ෂණය හා ඒ සම්බන්ධ ගැඹුරු කාරණා රැසක් පසුගිය ලිපියෙන් සාකච්ඡා කෙරුණි. ශක්තිය හා පදාර්තය ලෙස පවතින නාම රූපවල අසංතතික බව, ස්ථීරව නොපවතින ස්වභාවය, ඉපද බිදෙන ස්වරූපය ගැන ගෙනා විග්‍රහය අනුව ඔබට ඒ ගැන යම් අදහසක් ඇතිවන්නට ඇත. ඒ අනුව අපට දුක්ඛ හා අනාත්ම යන ඉතිරි ලක්ෂණ ස්වරූපයන් ගැන කෙටියෙන් තේරුම් ගනිමු.

2. දුක්ඛ

දුක්ඛ යන කාරණාව ගැන ඉතා පුලුල් විග්‍රහ ඇතත්, ත්‍රිලක්ෂණය සැලකීමේ දී අනිත්‍යයට බදුන්වන ශක්තිය හා පදාර්ත සියල්ල ක්ෂණික හා ආයුක්ඛ මරණයන මූලික වෙනස්කම් දෙකට බදුන්වීම යන්න සැලකූ විට එසේ වෙනස්වීම කෙතරම් දුකක්ද යන්න වැටහේ.
මිනිසකු ඉපද වැඩී ලෙඩ වි වයසට ගොස් මියයාම යන කාරණාවේදී වෙනස්වීමට එරෙහිව අප කෙතරම් වද වෙනවාද? ඊට කොහෙත්ම කැමති නැත. සමහර විට අසනීප වී සිට සුවපත්වීම සුඛ ලෙස දැනුන ද කවදා හෝ යළි ලෙඩ නොවී සිටීම හෝ මරණයට පත් නොවේ යැයි ගැරන්ටියක් දිය හැකි නොවේ. ඒ නිසා කොහොම හිතුවත් අවසන ඇත්තේ දුකය.
එසේම පදාර්ථ හෝ ශක්තියේ තැනුම් ඒකකවල කලින් සඳහන් කළ පරිදි සිදුවන අනවරත වෙනස අපගේ සංවේද ඉන්ද්‍රියනට සෘජුවම ගොචර නොවන නිසා අපට දුකක් යැයි නොදැනිය හැක. එහෙත් ඒ ගැන වැටහීමක් ඇති කරගන්නා තුළ දුක පිළිබඳ පුලුල් දෘෂ්ටියක් ඇතිවේ.

මෙහෙම දුක ගැන හිතන එක කාලකන්නි කමක්ද? නෙගටිව් ඇටිටියුඩ් එකක්ද?

දුක ගැන හිතා දුකෙහි ඇලී ගැලී දත්මදින්නේ නැතුව මූණ හොදන්නේ නැතිව අජවෘත ගෝව්‍රත වඩමින් කාලකණ්නියන් ලෙස සෘණාත්මක ආකල්පයක සිරවී සිටීම බුද්ධාගම ද? නැත. ඔබ ශක්තිය හා පදාර්තයේ ඉපදීම් බිඳවැටීම් හෙවත් අනිත්‍ය දකිනවා යනු ඔබට සමස්තය ගැන පුලුල් වැටහීමක් ගොඩ නැගේ. අනික් මිනිසුන්ටද තමන්ට මෙන්ම ජීවත්වීමට ඇති අවස්ථා සතුටු වීමට ඇති අවස්තා සඳහා ඔබ ඉතසිතින් අනුග්‍රහය දක්වන හැගුමකි. මක්නිසාද යත් මොනා කලත් අවසන මියෙන බව ඔබ ගැඹුරින් දන්නා නිසාය. එලෙස ප්‍රබලව යතාර්ථය පිළිබද පුලුල් දැක්මක සිටීම ගාම්භීර ධනාත්මක මනෝභාවයකි. තමන් අතිශය ප්‍රියකරන දෙයක් වුව අවශ්‍ය මොහොතේ අතහැර හිත ගැඹුරු සතුටක පවත්වා ගැනීමේ ශක්තියකි.

3. අනාත්ම

අනාත්ම යන ලක්ෂණය ගැන හමු වූ හොඳම විග්‍රහය නම් ඉහත පැහැදිලි කළ දුක ඇතිවන්නා වූ හේතුවක් නිසා හටගත් සෑම දෙයකටම උරුම, අනිත්‍ය යන කාරණාව තමාගේ කන්ට්‍රෝල් එකේ හෙවත් පාලනයේ අප අනසකට යටත්ව නොපවතී යන්න 100%ක්ම තේරුම් ගැනීමය.
පදාර්ථයේ හා ශක්තියේ නිමැවුම් වන නාම රූප හෝ හේතු ප්‍රත්‍ය නිසා ලොව හටගන්නා සියලු සංස්කාර ධර්ම හෙවත් අප සිරුර අපගේ සමීපතමයන් අපගේ යැයි හිතා සිටිනා දේපල වෙනස් වී විනාශවී මියපරලව යාම සිදුවේ. ජීවිතයේ අනිවාර්ය සංවේදීතම සංදිස්ථානය වන අනිත්‍ය හෙවත් වෙනස්වීම මරණයයන තැන දී ඔබට මෙය කාටත් සිදුවිය හැක්කක් යැයි පූර්ව දැනුමක් අවබෝධයක් තිබේනම් එම අවස්තාව කළමනාකරණය කරගැනීම ඉතාපහසු වනු ඇත.
කවදා හෝ කොයි මොහොතේ හෝ මියෙන බව දැන සිටීම අනෙකා මරා හෝ තමා හැදීම යන අවගුණ අඩු කර ගැනීමටත්, මරණය ගැන දන්න නිසා එවැනි තීරණාත්මක අවස්තාවල කලබලයකින් තොරව කූල් එකේ වටපිටාව මනාව කළමනාකරණය කරගන්නෙට එවැන් දක්ෂයාගේ මනසට යහපත් කල්පනා පහළවේ. එම යතාර්තවාදී අවබෝධයම ඔබට ජීවිතය සඳහා නව මංපෙත් පවා විවර කරයි.

උදාහරණය - මරණය ගැන ගැඹුරු අවබෝධය යතාර්තය ගැන වූ ධනාත්මක චින්තනයයි.

කලකට ඉහත දී සතර සතිපට්ඨානය නමැති භාවනා ක්‍රමය දිනපතා මාස 2ක් පමණ කලක් සෑම දිනම උදෑනස 4 සිට 6 දක්වා කාලය තුළ ප්‍රගුණ කලෙමි. එහිදී ලැබූ අත්දැකීම් ගැන පසුව කියමි. එහෙත් ඒතුලින් මා තුළ ඇති වූ ජීවිතය ගැන යතාර්තමය අත්දැකීම ජීවිතයේ අතිශය තීරණාත්මක කටුක මොහොතවල් සංත්‍රාසයට පත්ව අවුල් නොවී කූල් එකේ කළමනාකරණය කර ගෙන තවදුරටත් ජීවත් වී සිටීමට අවස්ථාව උදා වූ බව කිවයුතුමය.

කොන්ද බිඳුණත් හිත කෙළින්

එනම් දිනක් මා මෝටර් සයිකලය හදිසි අනතුරකට ලක්ව මහපාර මැද රොකට්ටුවක් මෙන් පතිත වී මාගේ කොන්දේ කශේරුකා කිහිපයක් කැඩී මරණාසන්න විය. කොන්ද මැද සිට ඉහළටත් පහලටත් ගින්දරක් මෙන් ගමන් කළ වේදනාව මෙන්ම කකුල් මාගේ ක්‍රියාකාරිත්වයෙන් තොරවී චලනය වන්නටත් විය. මතුපිටින් සීරීමක්වත් නැතිව තිබුණ ද අභ්‍යන්තරයේ ඇති වී ඇති මහා ව්‍යසනය ගැන මට දැනිණ. ක්ෂණයක් තුළ මාගේ දෑස් නිලංකාර වෙමින් සිහිසුන් වන සෙයියාවක්ද දැනිණ. එහෙත් තත්පර කිහිපයක් තුළ මට සිදුවී ඇති දෙය තව සුලු මොහොතකින් මා මිය යනු ඇත. මෙය කවදා හෝ කොතැනකදී හෝ සිදුවනු ඇතැයිද ගැඹුරු හැගීමක් මාතුළ ඇතිවිය.එසේම මාගේ දරුවන්, පුංචි පුතු, බිරිඳ ආදිය ගැන සිතුන ද, ඒවාට මා කැමති වුව ද අනිවාර්යයෙන් තවසුලු මොහොතකින් අතහැරිය යුතු යැයි තීරණයකට එන්නට සිදු විය. එසේම ක්ෂණයක් තුළ මෙම අවස්ථාව නිවී සැනසිල්ලේ කළමනාකරණය කරගත හොත් මට තව ජීවත්වීමේ අවස්ථාව උදාකරගන්නටත් හැකියැයි සිතිණ.

ගැරඩියාටත් බය එකා තුළ පතාක වීරයෙක්

ඒ අනුව වහා සිහි නැතිවීමට එන සංඥාව පරදා මම රෝහලකට යනතුරු මනා සිහියෙන් යුතුව අවශ්‍ය දෑ සිදු කරමියැයි මටම අදහාගත නොහැකි මහා අධිෂ්ඨානයක් ඇතිවිය. මීයෙක් ගැරඩියෙක් දුටුවත් පැන දුවන කාඩ්බෝඩ් වීරයකු වූ මා තුළ, ජීවිතයේ යතාර්ථයේ සංධිස්ථානයක මෙතරම් හැකියාවක් කෙසේ දැයි මට තාම හිතා ගත නොහැකිය. කෙසේ වෙතත් එතැන රැස්ව සිටියනට මාව ඔහේ ඔසවන්නට නොදී ඔවුනට බිම සිටම ප්‍රථමාධාර ගැන කියා පාර අයිනේ කඩපිළක දිගා කරවා ගෙන මාගේ බිරිඳට, ආයතන ප්‍රධානියාට සහ මාගේ හිතමිතුරකුට දුරකතනයෙන් කතා කර කොඳු ඇට ස්නායු බිඳුණු රෝගියකු ලෙස සීරුවට කොළඹ මහරෝහලේ හදිසි අනතුරු ඒකකයට යාම දක්වා කම්පාවකින් තොරව,කළබලයකින් තොරව සිදුකරගැනීමට හැකිවිණ.

ජීවිතයේ බෝනස් වැළඳීම

එහි ප්‍රතිඵලය ලෙස අදටත් මට ජීවත් වීමේ වරම පමණක් නොව අංශභාග නොවී සාමාන්‍ය මිනිසකු ලෙස ජීවත් වීමේ වරම හිමීකර ගතිමි. එසේ නොවුනානම් රෝහලට පැමිණීමට පෙර එක්කෝ මාගේ කොන්ද සම්පූර්ණයෙන් සුවකළ නොහැකි ලෙසම කැඩී යන්නට තිබිණ. දැන් මා ජීවත් වන්නේ ජීවත් නොවී සිටිය යුතු ආයුසයක් සඳහා ලද ජීවිතයේ බෝනස් එකක බව මම ඉඳුරාම දනිමි.

(7 වන කොටස)

------------------------------------------------------------------------------------------------------------------------
(ඊලඟට- භාවනා කර්මස්ථානය ඇරඹීම යානයක් පැදවීම බඳුය. යානය නිසි ගමනාන්තයට යවන්නට නම් එහි එන්ජීමේ හා ක්‍රියාකාරීත්වයේ ස්වරූප දැන ගැනීමේ විවිධ මීටර හා පාථාංක ගැන අවබෝධයක් තිබිය යුතුය. භාවනාවේ ප්‍රගමනය මනින පාඨංක හොවත් බෝධීපාක්ෂික ධර්ම සීරු මාරු කර ගැනීම ගැන ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)

෴සමනොළ෴

ශක්තිය හා පදාර්ථ (නාම රූප) අනිත්‍ය වන හැටි

ශක්තිය හා පදාර්ථ (නාම රූප) අනිත්‍ය වන හැටි

රූප

රූප යනු විද්‍යාවේ දැක්වෙන පදාර්තය බව පැහැදිලිය. බුදු දහමට අනුව සතරමහා භුතයින්ගෙන් හටගත් දේවල්ය. ඇස,කණ,දිව,නාසය,ශරීරය කොටස් ඉන් නිර්මාණය වී ඇති අතර සිත(මෙය ශක්තියක් විය යුතුය) මේවා සමායෝජනය කරමින් පවතී.

නාම

නාම යනු 1.විඳීම(වේදනා), 2. හඳුනාගැනීම(සංඥා), 3.චේතනා(චේතනාව), 4.පස්ස(ස්පර්ශය), 5. ක්‍රියාකාරීව සිත පැවැත්වීම(මනසිකාර) ලෙස දක්වා තිබේ. මේවා හුදෙක් පදාර්ථයෙන් වියුක්ත ශක්ති කොටසට ගත හැකි ධර්ම තා බව හැගේ.

පංචස්කන්ධය හෙවත් පංච උපාදාන ස්කන්ධය

සත්වයකු හෝ ජීවියකු ස්කන්ධ පංචකයක් හෙවත් ස්කන්ධ 5ක් ලෙස බුදු සමයේ දැක්වේ. ස්කන්ධ කීවිට එය කාලය හා අවකාශය හෙවත් ඉඩහසර තුළ පැවතිය යුතුය. (එහිදී කාලය යනු අතීත වර්තමාන හා අනාගත වශයෙන් වේ. අවකාශය අධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, කුඩා-විශාල, යහපත් අයහපත්, දුර-ලග වශයෙන් විවිධය.)
එහෙත් පංචස්කන්ධය යනු නාම රූප නොවන බව ද දැක්වේ. එහෙත් පංචස්කන්ධය ද පදාර්ථය හා ශක්තිය ලෙස, නාම රූප මෙන්ම වෙන් කළ හැකි ය.
1.රූප- මූලිකව පදාර්ථයෙන් තැනේ
2. වේදනා- විඳිම (සුඛ/දුක්ඛ/උපේක්ඛා)
3.සංඥා- හඳුනා ගැනීම
4. සංඛාර- හඳුනාගැනීමට අනුව විවිධ චේතනාවන් පහළ කරගැනීම(ගැඹුරු මාතෘකාවකි)
5.විඤ්ඤාණ- සිතෙන් යමක් දැන ගැනීමේ ස්වභාවය
(පංච උපාදානස්කන්ධයේද රූප හැරුණු කොට අන් සියල්ලම ශක්ති පදාර්ත ගණයට ගත හැක)

රූප ඇතිවී නැතිවේ මෙලෙසේ

පෙර ලිපියෙන් දැනුවත් කළ පරිදි උපපරමාණුක අංශුවක් තරම් යැයි සැලකිය හැකි රූපකලාපය ඇතිවී, පැවතී නැතිවී යාමත්, ශක්ති පදාර්ථයේ කුඩාම තැනුම් අංශුව ලෙස සඳහන් චිත්ත කලාපය එලෙසම ත්‍රිලක්ෂණයට බදුන් වීමත් පළමු ප්‍රස්තාරයේ පැහැදිලිව දැක්වේ.

රූප හා චිත්ත කලාපයක කාලය තත්පරවලින් ගතහොත්?

රූප කලාපයක් ඇතිව පැවත නැතිවීමයාම(ත්‍රිලක්ෂණය සැපිරීම) චිත්තක්ෂණ 17ක කාලයක් තුළ සිදුවන බව පැවසේ. චිත්තක්ෂණය යනු තත්පරයකින් කෝටියකින් එකක් තරම් අතිශය සියුම් කාලයක් යැයි ද සඳහන් වේ. ඒ අනුව මයික්‍රො තත්පර 1/10ක් චිත්තක්ෂණයක් වෙතැයි සිතිය හැක.
එසේම රූප කාලාපයට සාපේක්ෂව 17 ගුණයක් සීග්‍රයෙන් චිත්ත කලාප ඇතිවී පැවත නිරුද්ධ වීම සිදුවේ. එනම් චිත්ත කලාප 17ක් ඇතිවී නැතිවී යන තෙක් තරමක් දිගු ආයු කාලයක් රූප කලාපයට තිබේ. මේ අනුව තත්පරයකින් මිලියන ගාණකින් පංගුවක් යනු අපගේ ඉන්ද්‍රියන්ට කිසිදු ලෙසකින් ගෝචර නොවන ඉතා කුඩා කාලයකි.

ඇතිවී නැතිවීම අපට නොපෙනෙන්නේ ඇයි?

තවදුරටත් රූප කලාපයක් හෝ චිත්ත කලාපයක් ඇති වී නැතිවී යන විට ඔවුන්ගේ පැටවුන් ලෙස ඒ හා සමාන රූප කලාපත් චිත්ත කලාපත් නිපදවා නිරුද්ධ වෙතැයි පැවසේ. මේ නිසා එහි අසංතතියක් (කැඩි කැඩී යාමක්) තිබුණත් කිසියම් සංතතිතක (අඛණ්ඩව පැවතෙන) බවක් අපට දැනේ.
එසේ නොදැනෙන්නට අපේ පංචේන්ද්‍රිය එකි සංඛ්‍යාතයේ දෑ දැකීමට තරම් ටියුන් වී නැත. එය ටියුන් කර ගත හැකි මාර්ග අතර ධර්මය විද්‍යාව හැදූරීම මෙන්ම භාවනාවද වැදගත්ය.
එසේම මෙම ප්‍රස්තාර ඔබ හොදින් නිරික්සන්නේ නම් ඔබට රූප කලාප වලත් චිත්ත කලාප වලත් පවතින එකී අසංතතික බව තේරුම් ගත හැකිය. තත්පරයටත් අඩු කාලක සිදුවන එවැනි අසංතතික ලක්ෂයයන් අපට සංතතිකව දෘෂ්‍යමාන වීම හෙවත් පදාර්ථයේ හා ශක්තියේ ක්ෂණික මරණය යන සංකල්පය අපට තේරුම් ගත හැක.
එසේම පෙර ලිපියේ සඳහන් කළ පරිදි පදාර්ථයේ හා ශක්තියේ, සම්මුතිය හා සැබෑ යතාර්ථය හෙවත් පරමාර්තමය සත්‍ය අපට වටහා ගත හැකිය.

අසංතතිය හා මායාව හදුනාගැනීමට චිත්‍රපටයේ තාක්ෂණය 

ඒ ගැන හිතන්නට ඔබට තවත් කුඩා උදාහරණයක් කියමි. චලන චිත්‍රය හෙවත් චිත්‍රපටයේ තාක්ෂණික ස්වරූපය ගැන ඔබ ඉගෙන ගෙන ඇති නම්, කිසියම් චලනයක් ප්‍රක්ෂේපණය කිරීමට අදාලව අනුයාතව ඡායාරූප ගත කළ රූප රාමු 38ක් 42ක් පමණ තත්පරයක් තුළ සිනමා ප්‍රොජෙක්ටරයේ කවුලුව හරවා චලනය කරවිය යුතුය. එවිට ඒ හරහා ගලන ආලොක කදම්භය මගින් තිරය මත නලු නිළි රංගන තාත්වික ස්වරූපයකින් දිලේ. එය සැබවින්ම මායාවක්මය.
එසේම අප පසදුරන්ට ලැබෙන දෘෂ්‍ය හෝ ශ්‍රව්‍ය සංඥාවක් තත්පරයෙන් 1/18කට ආසන්න කාලයක් මතකයේ රැඳී පවතී. ඒ කාරණාව නිසා චලනචිත්‍රය හෙවත් චිත්‍රපටය කිසිදු කඩ වීමකින් තොරව මෘදුව ගලායන රූප පෙලක් සේ අපට දිස්වේ. රූපවාහිනී පරිගණක ආදී තිරවලද මෙකී සිද්ධාන්තය පදනම් කරගත් තාක්ෂණයකින් අපව මායාවකට හසුකර ගෙන තිබේ. එලෙස යතාර්තය අවබෝධ කර ගැනීම භාවනාවේ සුන්දර ගතික හැකියාවක්මය.

(6වන කොටස)


෴සමනොළ෴

ත්‍රි ලක්ෂණය තරමක් ගැඹුරට විමසමු

ත්‍රි ලක්ෂණය තරමක් ගැඹුරට විමසමු?

(භාවනාව සිදු කිරීමට මත්තෙන් තව ලිපි කිහිපයක් ඊට පෙරාතුව දැනගත යුතු සංකල්ප ගැන යම් අවබෝධයක් ලබා ගැනීම පිණිස යොදවමු. එය වැදගත් වනු ඇත)
ඒ අනුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයේ එකිනෙක විමසා බැලීම උචිතය. 

1.අනිත්‍ය

හේතුවක් නිසා හට ගෙන ඇති සකල සංස්කාර ධර්මයෝ ( වස්තූන්, ජීවීන් සහ ශක්තීන් සියල්ල නාම රූප ලෙස හැදින්වෙන) අනිත්‍යයට හෙවත් වෙනස් වීමට බදුන් වෙති. කිසිවක වෙනස් වීම අවදි 3කි.
1. ඉපදීම (උප්පාද)
2.පැවැත්ම (ස්තිථි)
3. මරණය/ විනාසය/බිඳීම (භංග)

පදාර්ථය හා ශක්තියට සමාන ( නාම රූප)

විද්‍යාවේදී පදාර්තය පවතින මූලික අවස්ථා 3ක් ගැන කියයි. 
1.ඝන
2. ද්‍රව
3. වායු
(මේ සියලු අවස්ථාවන්ට පත්වන පදාර්ථය මූලද්‍රව්‍ය යන තැනුම් ද්‍රව්‍ය වර්ග 108ක් පමණ වන අතර, ඒවායේ කුඩාම තැනුම් ඒකකය පරමාණුව වේ.) බුදු සමයේ පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය රූප කලාපය නම් වේ. එය පරමාණුවකටද වඩා කුඩා උපපරමාණුක අංශුවක් බවයි පැවසෙන්නේ.
බුදු සමයේ පදාර්ථයේ හෙවත් රූපයේ පවතින අවස්ථා 5ක් ලෙස දැක්වේ.(මහා භූත රූප)
1. ආපෝ (ද්‍රව)
2.තේජෝ(උණුසුම/සිසිල-උෂ්ණත්වය)
3.වායෝ (වායු)
4.පඨවි (ඝන)
5.අවකාසෝ (රික්තය/හිස්අවකාශය)
විද්‍යාවේ ශක්තිය යන්න තරංගමය ස්වරූපයක් ලෙස ද එය ද අනවරතයෙන් වෙනස් වීම් වලට බඳුන්වන බවක් ද පැවසේ. බුදු සමයේ ඊට සම කොටස ලෙස නාම රූප දෙකෙන් නාම යන්න හදුනාගත හැකි අතර එය ද අසන්තතික ස්වරූපයක් ගන්නා බව කියැවේ.

(*සැ.යු-නාම රූප පිළිබඳ විග්‍රහය පසුවට වෙනම කතා කරමු)

සම්මුතිය හා පරමාර්ථය

සම්මුතිය යනු, මිනිසා, බල්ලා, කොළඹ, චන්ද්‍රයා ආදී අප භාවිත කරන සකළ සංකල්ප හැදින්වීම පිණිස දී ඇති සම්මුතික නාමයය.
පරමාර්ථය යනු එකී සකළ සම්මුතික නාමයන්ට අයත් වස්තූන්, සියල්ලම නිර්මාණය වී ඇත්තේ ඉතා කුඩා අංශු වලින් බව දැනගැනීමයි. එනම් යතාර්තවාදී ලෙස ලොව සියල්ල පරමාණුක ස්වරූපී අංශු වලින් තැනී ඇත.
ඒ අනුව මම යැයි කී විට මගේ සිරුරත් පොලවේ ගල් ගෙඩියකත් අඩංගු මූලික තැනුම් ද්‍රව්‍යයන් සර්ව සම වන බව පෙනේ.(මහාභුත රූප හෙවත් පදාර්තයෙන් තැනී තිබේ)

පදාර්ථය හෙවත් (මහාභූත)රූප

නවීන විද්‍යාව අනුව ද බුද්ධ ධර්මය අනුව ද ලෝකයේ පදාර්ථය (රූප) තැනී ඇත්තේ අතිශය සියුම් අංශූන් මගිනි. පරමාණුව ගත්තද එහි වූ අංශු අතර ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන , න්‍යුට්‍රෝන , මීසොන ආදීය ගැන විද්‍යාවේ කතා කෙරේ. එම අංශූන්ට ද වඩා කුඩා ආලෝක අංශු විශේෂයක් හෙවත් ලෙප්ටෝන නමැති තවත් කුඩා අංශු ගැනත් විද්‍යාවේ කියැවේ. අභීධර්මයට අනුව රූපය හෙවත් පදාර්තය තැනී ඇති කුඩාම ඒකකය ලෙස අතිසූක්ෂ්ම රූප කලාපය නමැති ක්ෂුද්‍ර අංශු විශේෂයක් යැයි කියති.
පරමාණුවක ස්වරූපය ගැන ඉගෙන ගෙන ඇති නම් ඒවටා ස්වකීය අංශු වල සිදුවන වේගවත් චලිතයත්, ඒ අනුව පරමාණුවේ ඉඩහසර ගන්නා පරිමාව හෙවත් ප්‍රමාණයත් සැලකූ විට හදුනාගත හැකි කාරණා කිහිපයකි.පරමාණුවේ වැඩි ඉඩක් ඇත්තේ හිස් අවකාශයය. එහි අංශුමය ස්වරෑපයක් ඇති අතර තද කොටස් දැකිය හැක. එනම් පරමාණුවක වපසරියෙන් 90%ක්ම ඇත්තේ හිස් අවකාශය වන අතර පදාර්ථමය ද්‍රව්‍ය කොටස ඇත්තේ 10%ක් පමණය. ඒ අනුව පරමාණු වලින් නිර්මිත මූලද්‍රව්‍ය සංයෝග ඉන්ද්‍රයිකා සෛසල පටක ආදී වශයෙන් තැනුණු මිනිසකුගේ සිරුරේ 90%ක්ම හිස් අවකාශය බව තේරුම් ගත හැකිය.
එසේම ක්ෂණයකදී පරමාණුවේ ස්වරූපය ඡායාරූප ගත කර නැවත සුලු කලෙයකින් යළි ගතහොත් එහි අංශු පිහිටන ස්ථාන වෙනස් බව හිතිය හැකිය. එනම් පදාර්තයේ කුඩාම අංශුව අතිසියුම් කාලයක් තුළ කෙතරම් වෙනස් කම් වලට බදුන්වේදැයි හිතා බලන්න.
විද්‍යාවේ එකී මූලික සංකල්ප දන්නා ඔබ මදක් දෙනෙත් පියා පුද්ගලයකු මනසින් විශාලනය කර බලත හොත් පදාර්තය හෙවත් පුද්ගලයකුගේ අංශුමය ස්වරූපයත් එකී අංශුවල සිදුවන වේගවත් චලිතය හෙවත් වෙනස්වීම අනිත්‍ය ද පරිකල්පනය කරගන්නට හැකිය. ඒ අනුව ඔබ මිනිසකු ගේ අවයව- පද්ධති -පටක -සෛල -සෛලීය ඉන්ද්‍රයිකා- සංයෝග -මූලදූව්‍ය- අණු- පරමාණු -පරමාණුක අංශු (රූපකලාප) යන කොටස් ක්‍රමිකව විශාලනය කර පරමාණුවක ඉලෙක් ට්‍රෝනයක් ටෙනිස් බෝලයක තරමට විශාලනය කළා යැයි සිතුව හොත් හිස් අවකාශයක අංශු චලනය වනවා මිස මිනිසකු හෝ ජීවියකු ඇතැයි නොදැනෙනු ඇත.

ආයුක්ඛ මරණය

ළදරුවකු ලෙස ඉපිද වැඩී ළමයා, තරුණයා, මහල්ලා සහ මළමිනිය ලෙස සිදුවන වෙනස අපගේ පසඳුරන්ට ගෝචර කරගතහැකි අතර තේරුම් ගැනීම ද අසීරු නැත. මෙසේ සිදුවන වෙනස් වීම ආයුක්ඛ මරණය ලෙස හැදින්වේ.

ක්ෂණීක මරණය

එහෙත් පුද්ගලයකු හෝ ද්‍රව්‍ය හෙවත් පදාර්ථය සෑදී ඇති අතිශය කුඩා අංශු, තත්පරයකින් දහස් කීපගුණයකට වඩා කුඩා කාලයක් තුළ වෙනසකට බදුන්වේ. එසේම නාම රූප දෙකෙහි නාම යන කොටසට අයත් ශක්තිය ලෙස හඳුනාගත හැකි කොටසද සමන්විත වී ඇති අංශුමය හෝ ශක්ති තරංගමය ආකාර කුඩා කෙටස ද එවන් කුඩා කාලයක් තුළ වෙනස් වීමට බදුන්වේ. මෙසේ සිදුවන වෙනස් වීම ක්ෂණික මරණ ලෙස හැදින්වේ.

(5 වැනි කොටස)

------------------------------------------------------------------------------------------------------------------------------
සත්ත්වයා/පුද්ගලයා නිම වී ඇති නාම රූප අනිත්‍යයට බදුන්වන ආකාරය බුදු දහමේ ඇති භෞතික විද්‍යනුකූල පදනම ඊලඟ ලිපියෙන් බලමු.

෴සමනොළ෴

තිලකුණු මෙනෙහි කිරීමෙන් යෝගී සිත ආරක්ෂාවන්නේ කෙසේද?

තිලකුණු මෙනෙහි කිරීමෙන් යෝගී සිත ආරක්ෂාවන්නේ කෙසේද?

ගැඹුරු ම‍නෝභාවයක නිමග්නව භාවනා කරන විට විවිධ මනංකල්පිත රූප ශබ්ධ ගන්ධ දර්ශනය වන්නේ නම් යෝගියා බිය වීමටත්, භාවනාව නැවතිම පමණක් නොව වෙනත් මනෝ ව්‍යාධීන් ඇතිවීමටත් හේතු වන බව කියවේ. ඒ සඳහා බෞද්ධ භාවනාවේ දී මුලින්ම තිසරණ සහිත පංසිල් සමාදන්වී ත්‍රිවිධරත්නයට සිය ආත්මය පූජාකර කර්තව්‍ය ඇරඹීය යුතු බව දැක්වේ. එසේම එවැනි බියක් දැනුන කල්හී පඨවී බල සුන්දරී සබ්බඤ්ඤු බෝධි මණ්ඩලං යන ආරක්ෂා ගාථා සජ්ජායනා කිරීමෙන් බිය දුරුවන බව ද දැක්වේ.

ත්‍රිලක්ෂණය මතුපිටින්

කෙසේවෙතත්, ඕනෑම විටක ත්‍රිලක්ෂණය හෙවත් ලෝකයේ යථාර්ථය මෙනෙහි කිරීමෙන් සකල බිය දුරුවන බව කියැවේ. ත්‍රිලක්ෂණයය යනු කාරණා තුනකි. එනම්,

1. අනිත්‍ය- ලොව සියලු දේ ස්ථීර නැතිබව, වෙනස්වන බව.


2. දුක්ඛ- වෙනස්වීම හා විපතට පත් වීම නිසා නිරන්තරව දුක පැවතීම


3. අනාත්ම- උක්ත කරණා දෙක හෙවත් වෙනස්වීම හා දුක හටගැනීම තමාගේ පාලනයෙන් තොරව සිදුවන්නක් බව

සැලුණු සිතට ත්‍රිලක්ෂණය යොදාගැනීම

භාවනාවේදී කිසියම් බිය දනවන සිතුවිල්ලක් හෝ යමක් ඇති වූ විට ඒ සිතුවිල්ල කෙරෙහි සෘජු අවධානය යොමු කොට එය අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට අයත් බව ත්, මම නමැති පුද්ගලයාත්, මාගේ ඇතිවන සිතු විලි යන කාරණාත් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් බවත් මෙනෙහි කරන්න.

ඔබ ත්‍රිලක්ෂණයේ ගැඹුර ස්පර්ශ කරගැනීමට සුදානම් ද?

මේවා උඩින් පල්ලෙන් අසා මතකයේ තිබුණ ද තරමක් ගැඹුරු විෂයකි. බුද්ධ ධර්මයේ අභිධර්මය නමැති විෂයාත්මක කොටසට අයිති විග්‍රහයකි. එහෙත් විද්‍යා විෂයන් හදාරා ඇත්තකුට මේ පිළිබඳ වැටහීමක් ලබා ගැනීම ඉතා පහසුය. වෙනත් විදියකින් කිව හොත් භෞතික රසායන විද්‍යාවේ දී කෙරෙන පදාර්ථයේ ගුණ හෙවත් පදාර්ථය පිළිබඳ විග්‍රහය හා බොහෝ සමපාත වන්නකිය.
එහෙයින් මේ පිළිබඳ කිසියම් විෂයාත්මක දැනුමක් ඇති කර ගත යුතුය.

සරල තේ‍රෙන බසින් විමසමු.

ඉදිරි ලිපියකින් ත්‍රිලක්ෂණයේ ගැඹුරු සංකල්ප හැකි තරම් සරල ලෙස තෙරෙන බාසාවෙන්, අප ඉගෙනගත් භෞතික රසායන විද්‍යාෙව් කාරණා හා අභිධර්මයේ කරුැණු කාරණා හා සංසන්දනය කර ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.
ඔබගේ අවංක අදහස හා සහභාගීදායකත්වය ද ලබා දිය හැකිය. එය අතිශයින්ම අගයමි.
(4 කොටස)
෴සමනොළ෴

බවුන් වැඩුමට හුරු වීමට පෙර දත යුතු විෂය මූලික කරුණු කිහිපයක්.

බවුන් වැඩුමට හුරු වීමට පෙර දත යුතු විෂය මූලික කරුණු කිහිපයක්.

පසුගිය ලිපි දෙකින් කතා කළ භාවනාවේ වටපිටාවට තරමක් ඉදිරියට ගිය විට, එහි වූ විෂය මූලික කාරණා කිහිපයක් හඳුනාගත හැක. සාරාංශ ලෙස එය මෙසේය.

භාවනාවේ මූලික ක්‍රම දෙකකි.

1. සමථ භාවනා ( ආනාපන සතිය/මෛත්‍රී භාවනාව/බුද්ධානුස්සතිය ආදිය)(හින්දු තන්ත්‍ර යෝගී භාවනාක්‍රම උදා විවිධ ප්‍රාණයාම/කුණ්ඩාලිනී ආදීය හා ටිබෙට් චීන භාවනා ක්‍රම)(කසින භාවනා) - මෙවා වඩා ධ්‍යාන උපදවා ගත හැකිය.
2. විදර්ශනා භාවනා ක්‍රමය( බුදුන් දුක නැතිකිරීම පිණිස ප්‍රතිනිර්මාණය කළ සතර සතිපට්ඨාන භාවනා ක්‍රමය ආශ්‍රිත භාවනා කායානු පස්සනා/වේදනානු පස්සනා/චිත්තානු පස්සනා/ධම්මානු පස්සනා)

සිත සමථයකට පත් කරගැනීමට නොහැකිව හිත අවුල් කර දමන ධර්ම

මේවා නීවරණ ධර්ම ලෙස හදුන්වන අතර නීවරණ ධර්ම 5ක් ඇත. ඒ නිසා ඒ පහ පංච නීවරණ නමින් හදුන්වයි.
1.කාමච්චන්ද- කාමයට ඇති ආශාව නිසා හිත අවුල් වීම
2. ව්‍යාපාද - තරහව කේන්තිය වෛරය නුරුස්නාබව හේතු කොට හිත අවුල් වීම
3.ථීන මිද්ධ- නිදිමත ගතිය
4.උද්දච්ච කුක්කුච්ච - අලු ගොඩකට ගලක් ගැසුවාක් සේ හිත විසිරී යාම
5. විචිකිච්චා- සැකය. එනම් මේක කලාට හරියයිද? බුදුන් කීව දේ හරිද? ආදී

භාවනාවෙන් මානසික හෝ වෙනයම් අවුල් ඇති වීමට යන්නේ නම් පිළියම් තිබේද?

භාවනාව වඩන විට සිය සිත අභ්‍යන්තරයෙන් එන ප්‍රතිරෝධ මෙන්ම වෙනත් නොපෙනෙන බලයන්ගෙන්ද බලපෑම් පැමිණිය හැකි බව කියති. එහෙත් මටනම් වෙන බලවේග කෙසේ වෙතත් මාතුලින්ම නැගෙන අදහස් අපහසුකම් මිස අමනුස්ස හොල්මන් දර්ශනය වුයේ නැත. එහෙත් එවැනි විට ඉන් ආරක්ෂාවීමේ ක්‍රමවේද ධර්මයේ සඳහන් වේ.
භාවනා කිරීම යනු ගැඹුරු මනෝභාවයන් හී නිමග්න වීමත් විවිධ අදහස් සංඥා යටිහිතට ඇතුලු කරවීම යන කාරණාවක් වන හෙයින්, සමහර විට ගුරු ඇසුර රහිතව වැරදි ශීල්පීය ක්‍රම අනුව භාවනා කළ හොත් මනසේ විකල්වීම් සිදුවීමේ ඉඩකඩ ඇතැයි යන්න බැහැර කළ නොහැකිය. එවැනි ගැටලු සහගත විටෙක භාවනාවෙන් මිදී යතා ස්වරූපය දක්වා හිත ආපසු තිබුණ තැනට ගෙන ඒමට කදිම මානසික පෞරුෂයක් තිබිය යුතුය. ඒ සඳහා සමහර ආරක්ෂක ගාථා පොත පතෙහි නිර්දේශ කර තිබේ. කෙසේ වෙතත් එවැනි විටෙක සකල විශ්වයේත් සෑම සත්වයකුගේත් ජීවිතයේ යතා ස්වරූපය මෙනෙහි කරන ත්‍රිලක්ෂණය මෙනෙහි කර යතාර්තවාදී වීම කළ යුතු සුදුසුම පියවර බව ධර්මයේ සඳහන් වේ.

සාර්ථකම ආරක්ෂක පිළියම-තිලකුණු මෙනෙහි කිරීමය

කුමක්ද මේ යතාර්තය මෙනෙහි කිරීමේ හෙවත් ත්‍රිලක්ෂණය වැඩීම යන ආරක්ෂාව යැයි ඊලඟ ලිපියෙන් කතා කරමු.
(3 කොටස)

෴සමනොළ෴-

ඇණකොටා ගන්නවාට වඩා, නිසලව හිත සමඟ පොරබැදීම ගේමකි

ඇණකොටා ගන්නවාට වඩා, නිසලව හිත සමඟ පොරබැදීම ගේමකි.

පුංචිකාලෙ ක්‍රිකට් ගැහිලි, ඔට්ටු සෙල්ලං කිරිලි, එල්ලෙ ගැහිලි වගේ ක්‍රීඩා වල දවස පුරා ගත කළ ද භාවනා කිරීම විනාඩි දෙක තුනකට වඩා කිරීම මහා බරපතල අභියෝගයක් විය. ඒත් ඉර්ධි බලෙන් උඩින් යාමේ ආසාව නිසා භාවනා කිරීම විනාඩි 20ක් තිහක් පමණ කිරීමේ කුසලතාව ඇති කරගන්නට සමත් වුව ද, තත්පර කිහිපයක් ඇතුලත එරමිණිය ගොතා ඉන්නා ඉරියව්වෙන් භාවනා යෝගියකු සේ පිටට දිස් වුව ද හිත තබාගත් අරමුණේ තබා අහලකවත් නැතිය. මුලදී කියවු බොහෝ පොත්වල අනාපාන සතිය වැඩීම හොඳම සමථභාවනාවක් ලෙස පෙන්වා දී තිබීම අනුව එයම ප්‍රගුණ කලෙමි. එහෙත් හුස්ම ඉහළ පහල යාමම ගැන හිතීම මහා බෝරිං මළ වාතයකි.

කමකට නැති සරල අරමුණක හිත ගාල්කර තැබීමෙන් හිත දියුණු වේද?

ඇත්තටම මෙලෙස කිසි කමකට නැති සරල පුංචි එක අරමුණක හිත ගාල්කර නිශ්චල කිරීමෙන් වන මහා සැපත කුමක්දැයි බොහෝ වර සිතේ. සමහර විට දහම්පාසැල් ගිය විට මෛත්‍රී භාවනාව කරන්නට නියම වෙයි. එය තමා හා අනුන් ආදී අරමුණු කිහිපයකට හිත දුවවමින් මෛත්‍රී චේතනාව වෙත ෆෝකස් කරයි. සමහරු බුදු ගුණ එකිනෙක සිහිකර ඒවා ගැන හිතමින් හිත එකඟ කරගැනීමට සිතති. එහෙත් බුදුගුණ කටපාඩම් වුවද ඒවායේ සැබෑ අරුත්ගැන ගැඹුරු වැටහීමක් නැති තැන ගිරවකු මෙන් ඉතිපිසෝ භගවා පාඨය කීම මිස ගැඹුරු සමාධියක් ලැබුණිදැයි මතක නැත. කෙසේවෙතත් මෙකී ව්‍යායාමය හිතට ගතියක් ගෙන දෙන වැඩක් බව තේරුම් ගැනීමට බොහෝ දැනුම හා භාවනා කිරීම ප්‍රගුණ කිරීමෙන් යාන්තමින් හෝ වැටුනේ සෑහෙන කලකට පසුවය. එසේම භාවනාව ගැන උපදෙස් දෙන බොහෝ අය පොතේ ඇති දේ ගෙඩි පිටන් විග්‍රහ කරනවා විනා ඒ අය එම උපදෙස් වලින් අත්පත් කරගත් යමක් කියා දෙන්නෙ නම් ඒ ඉතා කලාතුරකිනි.

බුදුන්ටත් වඩා පැරණි භාවනාව ගැන ශිල්ප ක්‍රමය බුදුන් ප්‍රතිනිර්මාණය කිරීම

භාවනාව යන විෂයට අතගැසූ විට ඒහා සබැදි බොහෝ ධර්ම කාරණා හෙවත් භාවනාවේ තාක්ෂණික පැති ගැන අධ්‍යයනය කළ යුතු විය. ඒ තාක්ෂණික ක්‍රම වේදයන් අතිශය පැරණිය. බුදුරදුන් ලොව පහළ වීමට පෙර සිටම ලෝකයේ භාවනාව විෂයක් ලෙස පැවතීණ. ඒවා හුදෙක් සමථ භාවනාවන් වූ අතර සිදුහත්වු තවුසාණෝ ඒවා ප්‍රගුණ කර ඉපදීම ලෙඩවීම මියයාම වැනි කාරණා අතික්‍රමණය කිරීමට හෙවත් දුකින් මිදීම පිණිස මේ ශිල්පීය ක්‍රමය යොදාගන්නෙ කෙසේදැයි අත්හදා බැලූහ. එහි ප්‍රතිඵලය ලෙස එකල ව්‍යාප්තව පැවති සමථ භාවනා ක්‍රමයට වඩා වෙනස් විදර්ශනා භාවනාව නමැති භාවනා ශීල්පක්‍රමය ඇතිවිය.

භාවනාවේ විෂය මූලික කරුණු සංකල්ප ද සොයා යමුද?

මෙයින් පසුව ඔබට බුද්ධ දර්ශනයේත් සමහර විට හින්දු දර්ශනයේත් පදනම් වූ යම් යම් භාවනා ක්‍රමයන් හා ආශ්‍රිත මූලික සංකල්ප ගැන සංවාදාත්මකව සාකච්ඡා කළ හැකිය. එවිට පාඨකයින්ට ද මෙය නීරස නොවී කිසියම් ප්‍රබුද්ධ උනන්දුවක් ඇතිවේවා යැයි පතමි.
(2 කොටස)
෴සමනොළ෴

ළමා ආරක්ෂාව සඳහා වූ නීති ගුරුවර වැඩිහිටියනට වාතයක්ද?

ළමා ආරක්ෂාව සඳහා වූ නීති ගුරුවර වැඩිහිටියනට වාතයක්ද?

ළමයින් හික්මවීම කලාවකිය. සාම්ප්‍රදායිකව දරුවන් මෙල්ල කිරීම පිණිස කායික දණ්ඩනය පදනම් කරගත් ක්‍රමවේදයක් මගින් ඔවුහු කායික හා මානසික පීඩාවන්ට පත්කොට තාවකාලිකව මෙල්ල කළහ.

වේවැල් කසාය අත්දුටුවයි? සනීපයි ද?

පාසැලක සියගණන් වූ දරුවන් රංචුව පාලනය කරගැනීම පිණිස වේවැල් කසාය දුරාතීතයේ සිට පැවත ආ නිසා එය එකම නිවැරදි ක්‍රමය ලෙස සමාජගත වී තිබිණ. එහෙත් බුදු සසුන මෙන්ම බොහෝ ආගම් වල ඉගැන්වීම අනුව ද පුද්ගලයකු දමනය කිරීම කළ යුත්තේ පළමු කොට ඔහුගේ සිත හික්ම වීමෙනි. කරුණාව මෛත්‍රිය මෘදු බව ඉවසීම ආදී යහපත් ගුණාංග ගුරුවරයා විසින් පළමු කොට ඇති කරගෙන සිසුන් හික්මවීම එහි ක්‍රමවේදයයි. එය තරමක් අසීරු කටයුත්තක් වුව ද පොල්ලෙන් ගසා දඩුවම් දී හදන විනයට වඩා ස්ථාවරය. එහෙත් සමාජය වඩාත් පහසු මගම යන්නේය. පොලුපාර දෙන්නේය.

ළමා ආරක්ෂක නීති තාම හරියට පැල වෙලා නැද්ද?

ඒ අනුව 1994න් පසු ළමා ආරක්ෂාව පිළිබඳ ලාංකේය සමාජය තුළ නෛතික වශයෙන් ස්ථාපනය වන ළමා ආරක්ෂක නීති තවමත් සමාජය තුළ නිවැරදි දිශානතියෙන් වැඩේ දැයි ගැටලුවකි. ආපෝ ඕකුන් ඕන මගුලක් කරපු දෙන් ඕවට දඩුවම් දෙන්න ගිහින් හිරේ යන්නෙ මොන මගුලට දැයි ගුරු සංහතියේ බහුතරය පසුබා සිටින සෙයකි.

කායික දඩුවමින් තොර නිර්මාණශීලීත්වය

එහෙත් කායික දඩුවමින් තොරව දරුවන් හික්මවන්නේ කෙසේද? ඒ ගැන අලුත් කතිකාවක් සමාජ ගතවිය යුතුය. කායික දණ්ඩනය නිසා ළමා නිර්මාණශීලීත්වය මොට වී, වෛරය, පළිගැනීම යන අවගුණ යහපත් දේයැයි අදහන සමාජක්‍රමයක් බිහිවීම යන කාරණාව නතර කර වඩා පුලුල්ව නිදහසේ හිතන අනෙකාගේ අයිතිවාසිකම ගැන ද වදවෙන සංවේදී ජනසමාජයක් ගොඩ නැගීම අවැසිය. වැඩිහිටියන්ට මෙන්ම ගුරුවරයාටද මෙහිදී ගැඹුරු භූමිකාවක් වගකීමක් තිබේ.

ගුරු භූමිකාව බලගැන්වීම

මෙහිදී වඩා පුලුල් ගුරු භූමිකාවක් බලගන්වන්නේ කෙසේදැයි අධ්‍යාපන පිඨ, ගුරුවරුන් පුහුණු කරන අධ්‍යාපන වේදී විශේෂඥයින් සැලසුම් කළ යුතුය. මෙහිදී බුදු රජුන් වැනි අහිංසාවාදී දාර්ශනිකයන් සිය අනුගාමිකයින්ට යහමග පෙන් වූ මූලධර්ම ක්‍රමවේද තාක්ෂණය ගැන වඩා විද්‍යනුකූල ගවේශනයක් තුළින් ගුරු පුහුණු පෝෂණය කළ යුතුය.

ගුරා හිට ගෙන කරද්දි ගෝලයා දුව දුව කරයි

එසේවන්නේ, ළමයා නිවැරදි කරන්නට පෙර ගුරා නිවැරදි තලයක පිහිටා සිටිය යුතු බැවිනි. ගුරා නිවරදි තලයක පිහිටන්නේ, ඔහුට ඉහලින් ඇති විදුහල්පති නිවැරදි තලයක පිහිටන්නේනම්ය. විදුහල්පති නිවැරදි තලයක පිහිටන්නේ අධ්‍යක්ෂක, ඇමතිවරයා අගමැතිවරයා ජනාධිපතිවරයා වශයෙන් ළමයාට ඉහලින් ඇති සකළ වැඩිහිටි හයිරාකිය ද නිවැරදි තලයක පිහිටන්නේනම්ය.

ඔඩු දුවපු තුවාලේ කොස්ස අයින් කිරීම?

එහෙත් දැන්මේ ඔඩු දුවා ගිය තුවාලයට කොතනකින් හෝ සුව කිරීමට ඉන්ජෙක්සන් එක දිය යුතුව තිබේ.

෴සමනොළ෴

භාවනා කරල උඩින් යන්න පුලුවන්ද?

භාවනා කරල උඩින් යන්න පුලුවන්ද?

ඉර්ධියෙන් ගමන් කරන රහතුන් යෝගීන් ගැන මට පුංචිකාලෙ තිබ්බෙ පුදුම උනන්දුවක්. යටිහිතේ ඇත්තටම එහෙම සුපර්මෑන් කෙනෙක් වගේ යන්න කුසලතාව හදාගන්නෙ කොහොමද කියන එක හොයා ගන්න මට පුදුම අමාරුවක් දින පතා වැඩි වුණා. වයස 10 දි විතර මට මතකයි 1980 පමණ කිසියම් පුවත් පතක නොපෙනෙන ලෝකය නමින් බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො භාවනාව ගැන ලිපි පෙලක් ලියල තිබ්බා. පුංචිකමට මෙ ලිපි කපා ගෙන භාවනාව වඩන්න නිස්කලංක තැනක් හොයා ගෙන මාර ට්‍රයියක් දුන්නා.

වැසිකිළි වහලෙ උඩ යෝගියෙක්

අපේ ගෙට පහලින් තිබ්බ අතහැර දැමූ පරණ කක්කුස්සියක් ඒකෙ වහලයට කොන්ක්‍රීට්දාලා වටේ තාප්පෙ බැදල තිබ්බෙ. වටේ ලැහැබයි, එතන රූස්ස කොස්ගහක්යි තිබ්බ නිසා හෙවණකුත් තියනවා. කාටවත් පෙේනනෙත් නැහැ. මම ඉතින් ඒ වහලෙ උඩට නැගල අර ලිපිවල තියන ප්‍රණයාම වඩනවා. වැඩෙේ ගොඩ ගියොත් කක්කුස්සි වහලෙ ඉඳල ගෙදරට ඉර්ධියෙන් වඩින බලාපොරොත්තුවෙන්.
වත්තෙ පහලින් ඈත කෙළවර මහප්පගෙ නිවස. මහම්මා මේක දැකල. කවුද මේ උත්තමයා කියල හීනියට ඇවිත් විපරම් කරල ගිහින් තිබ්බ. දවසක් ගෙදර කට්ටියම ඉන්න වෙලාවෙ අනේ පුතේ ඔයත් සිදුහත් කුමාරය වගේ භාවනාකරනව දැක්කා කියල හරිම ගෞරවෙන් කියන්න ගත්තා. මට මේක මාර වස ලැජ්ජාවක් වුණා. වැඩේ හරි ගිහින් ඔන්න ඉර්දියෙන් යන එක හරිගියානම් ඕම හෙළිදරව් වුණානම් අවුලක් නැහැ. ඊට පස්සෙ කක්කුස්සි ලෑල්ල උඩ භාවනා කිරිල්ල එතනින්ම ඉවරවුණා.

භාවනාව ගැන දැනුම එකතු කිරීම

ඒත් වැඩෙ ඇරියෙ නැහැ. දහම්පාසල් පොත්වල තියන භාවනාව ගැන පාඩම්, ආදියත් ලංකරගෙන වැඩෙ සෑහෙන මහන්සියෙන් කර ගෙන ගියා. හතෙේ පන්තියෙදි වගේ ගෙදර තිබිල තව මරු පොතක් හම්බ වුණා. ඒ තමා රේරුකානෙ චන්දවිමල කියන ස්වාමීන් වහන්සෙගෙ විදර්ශනා භාවනා ක්‍රමය. තියන අසීමිත උනන්දුව නිසාම මේක කිහිප වරක්ම කියව කියව භාවනා වඩන්න උත්සහ කරනවා. ඒත් උඩින් යන වැඩෙේ නම් සාර්ථක වුනෙ නැහැ. ඒත් භාවනාව, සමාධිය, සියුම්ව හැඟීම් දෙස බලා හිදිමින් ඒවායෙ වෙනස් වීම මනසින් අවබෙෝධ කරගැනීම ආදිය ගැන කිසියම් හුරුවක් නම් ඇති වුණා.

පිස්සු හැදෙන සඳ

ගුරුවරයකු නැතිව භාවනා කිරීම මනස විකෘති වී යාමට හේතුවිය හැකි බව කියනවා. ඒත් ගුරුවරු හොයනවට වඩා ‍පොත පරිශීලනය කර ඉක්මණින් වැඩෙ කර ගන්න මම හිතුවා. ඒකත් එක්තරා ආත්මීය අවදානමක්. පිස්සු හැදුනත් මොකෝ මම හිතුවා. කුතුහලකාමී චරිතයක් නිසාම අවදානම් සහිත ජීවිත අත්දැකීම් ගන්න මගෙ යටි හිතේ මොකක්දෝ කැමැත්තක් තිබුණා.

හිත එකඟ කිරීමේ ටෙක්නික්

ඉතින් ඒ වෙනුවෙන් විවිධ වකවානු වල මම නොයෙක් උත්සාහයන් කළා. සමහර විට ඒවා අතිශයින්ම සුන්දර අත්දැකීම්. පසුකලෙක කොහොමින් හෝ හොඳ උපදේශකයකුත් මුන ගැහෙනවා. භාවනාව යනු සිත මුවහත් කිරීම හෙවත්, සමාධිගතකර පාලනය කරගැනීමේ තාක්ෂණික උපක්‍රමයක් යන්නයි අවසන මට වැටහුනේ. හිත හසුරුවාගන්න ටෙක්නික් කිහිපයක් පසුකාලීනව ලැබුණා. ඕන කෙනෙකුට එවැනි ශිල්පීය ක්‍රම අනුසාරයෙන් හිත සමාධිගත කරගැනීමට කුසලතාව ප්‍රගුණ කරගත හැකියි. ඒව ගැන ඉදිරියේදී දවසක ලියන්නම්, ඒ ගැන අහන්න කැමති අය ඉන්නව නම්.

෴සමනොළ෴

අධ්‍යාපනය ලෝකෙටම විකුණන අංක එකේ අධ්‍යාපන ව්‍යාපාරිකයා වන්නේ ලංකාව නම්

අධ්‍යාපනය ලෝකෙටම විකුණන අංක එකේ අධ්‍යාපන ව්‍යාපාරිකයා වන්නේ ලංකාව නම්

අධ්‍යාපනය යනු ලෝකයේ අංක එකේ බිස්නස් එකකි. මා දන්නා පරිදි ඕස්ට්‍රේලියාවේ ඇති විවිධ පුද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල මගින් ලොව විවිධ ප්‍රවණතා අනුව අලුතෙන්ම සකසා අති නවීන පාඨමාලා ඉදිරිපත් කරනවා ලෝ පුරා සිටින ප්‍රජාවට. ඒවයෙ කාර්ය මණ්ඩල මෙන්ම පහසුකම්ද අති සුපිරියි. එහෙම කරන්න ඕනතරම් මුදල් ඔවුනට ගලා එනවා. එසේ ඒවාට මුදල් එනතරමක් ගලා එන්නෙ ආසියාවේ මෙන්ම අනෙක් රටවල ද සිසුන්ගෙන්. අපෙ රටේ දෙමාපියන් විසින් ද ජීවිත කාලයම ගොඩනගාගත් සබ්බ සකළමනාවම විකුණා සිය දරුවන්ව දියුණු රටවල විශ්ව විද්‍යාල වලට යවනවා. සමහර විට මෙවැනි විශ්ව විද්‍යාලයක ජාත්‍යන්තර සිසුන් ලෙස ඇතුල් වන්නකුගේ එක් වසරකට ලංකාවේ මුදලින් ලක්ෂ 30, 50 ආදී ලෙස පාඨමාලාව අනුව ගාණ වෙනස් වනවා.

අපේ රටේ බුද්ධිමතුන්ටත් හැකිය

ඒ ගැන හිතපුවාම රටක් ලෙස අප රටටත් හොඳ සැලසුමකින් යුතුව ජාත්‍යන්තර විශ්ව විද්‍යාල නිසිප්‍රමිතියකින් හා කළමනාකරණයකින් යුතුව ඇරඹීම රටක් ලෙස දියුණු කිරීමට හොඳ පියවරක්. එය දැන් රටෙේ කතාවන මට්‍ටමෙ පුද්ගලික ‍වෛද්‍ය විද්‍යාල කතිකාවට වඩා බොහෝ එහා යායුතු දෙයක්.

රට වැසියට උපරිම සහන සහිත විය යුතුමය

එසේම එය අපේ රටේ අයගේ ඉඩම් විකුණා අයකරගන්නවාට වඩා පිටරට අයගෙන් ආදායම් උපයා ගැනීම ඉලක්කකර ගැනීම පිණිස සැළසුම් කළ හැක්කකි. ඕස්ට්‍රේලියාවේ ද එම අධ්‍යාපන ව්‍යාපාරය වූකලි සිය රටේ පුරවැසියන්ට සහ ස්තීර පදිංචිකරුවන්ට සමස්ත පාඨමාලා ගාස්තුව ජාත්‍යන්තර සිසුන්ට දෙන වටිනාකමෙන් 1/3ක් හෝ එවැනි සහන ගාස්තුවක් යටතේ හදාරන්න පහසුව ලැබෙනවා. එසෙම සිය පුරවැසියන්ට අදාල පාඨමාලාගාස්තුව රජය විසින් දිගු කාලීන ණයක් ලෙස ලබා දෙනු ලබනවා. ඒ අනුව ඉගෙන ගන්න ආස කැමති සෑම පුරවැසියකුටම ඉහළම අධ්‍යාපනය ලැබීමේ හිමිකම ලැබෙනවා. අපේ අයට මේ වැනි දෙයක් ගැන කතා කිරීම තාම පණ බයයි. ඒකෙ සාධාරණ කාරණාත් තිබෙනවා. එහෙත් කිසියම් දිනක අපේ මිනිසුන්ටත් මහා බරක් නැතිව මුදල් ගෙවා තමන් රිසි අධ්‍යාපනයක් ලැබීමට හැකි අතමිට සරු මෙන්ම දියුණු සමාජ වටපිටාවක් ගොඩ නගන තුරු මේවාට එරෙහි වීම් නතරවන එකක් නැහැ.

හොරා නෙකා රට ඉහලට ඔසවන්නේ නම් මේවා ටොයිස් වැඩය

කෙසේ නමුත් අවසන මේ රට දියුණු කළ යුතුයි. දේසපාලුවන් හොරා නොකා සමාජය තව බඹගාණක් ඉහලට එසවුවහොත් අපේ රටෙ සිටින බුද්ධිමතුන්ට ලොවටම අධ්‍යාපනය ලබාදිය හැකි විස්එක්වැනි සියවසේ අධ්‍යාපන ව්‍යාපාරික ප්‍රජාව බවට පත් විය හැකිය.

෴සමනොළ෴

රුසියානුවන් කියන කතා, අපි හිතාන ඉන්න විදිය හා ලංකාවට සමාජවාදී ආණ්ඩුවක් ඕනැද?


රුසියානුවන් කියන කතා, අපි හිතාන ඉන්න විදිය හා ලංකාවට සමාජවාදී ආණ්ඩුවක් ඕනැද?

ඕස්ට්‍රේලියාවේ දී මට බොහෝවිට රුසියානුවන් බුරුතු පිටින් මුණ ගැසෙනවා. ඔවුන් සමග හිතවත් වූ විට අප අපගේ අත්දැකීම් හුවමාරු කරගනිමින් යම් මිත්‍රත්වයක් ගොඩ නගාගන්නවා. ඊයෙත් මට එවැනි රුසියානු පවුලක් හමුවුණා. ඔවුන්ගේ මිත්තනිය වයස අනූ හතරක් පමණ ඉතා හොඳ සිහිකල්පනාව ඉතා තියුණු අදහස් දක්වන්නියක්. එම පවුලේ සියලු දෙන රුසියන් බස ජර්මන් බස මෙන්ම ඉංහ්‍රීසි බස ද හොඳින් දන්නා බව කීවා. හේතුව ඔවුන් රුසියාවෙන් පැමිණ ජර්මනියේ ද පසුව ඕස්ට්‍රේලියාවේද පදිංචි වී ඇති නිසා.

සාහිත්‍යයෙන් මැවූ පරිකල්පන ඕ.කේ.. ඒත් භූමියේ සැබෑ සත්‍ය ?

කෙසේවෙතත්, රුසියානුවන් මුණ ගැසෙන හැම විටම රුසියන් සාහිත්‍ය ගැනත් මැක්සිම්ගොර්කි, ටෝල්ස්ටෝයි වැන්නන් ගැන මා තුළ ඇති පැහැදීම කියන විට ඔවුන්ගේ මුහුණු වල බොහොම ලෙංගතු සමීප හැගීමක් ගොනු වෙනවා. එහෙත් සමාජවාදය ගැන කියූ විට ( ඔවුන් එය හදුන්වන්නේ කොමියුනිස්ට් යනුවෙන්) ඔවුන්ගේ තිබූ අර ප්‍රිය මනාප ගතිය එහෙම පිටින්ම නැතිවන බව හැම විටම දකිනවා. අප රටේද කොමියුනිස්ට් හිතවතුන් සිටින බව වරක් මා කියා ඔවුන්ගෙන් අම්බානකට අසාගැනීමත් සමග මා කොමියුනිස්ට් ක්‍රමය අසනුයේ හුදෙක් ඒගැන ඔවුන්ගේ අදහස් තව තවත් දැනගන්නට පමණි.

ඔය රුසියානු සාහිත්‍ය පොත්වල කොමියුනිස්ට්ක්‍රමය ගැන අතිශය සුන්දර පරිකල්පන චිත්‍ර මැව්වත්, සැබෑ බිමේ ඒව කාපු අපි තමයි දන්නෙ ඒ රටේ පාලනයෙ තියන කෘර නරක විදිය යැයි ඔවුන් කියනවා. ඒත් මට නම් තාම රුසියානු කෘති හරහා මැවූ සමාජවාදී සංකල්ප ගැන ගැඹුරු හැගුමන් තියනවා. ඒත් මේ රුසියාව හැර ආ මිනිසුන් හැමෝම පාහේ කියන කතා ඇසූ විට මාවද පැටලෙනවා.

රුසියාවෙන් ලොව ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සංක්‍රමණය වූවන්ට කොමියුනිස්ට් ක්‍රමය හෝ ඒ මිනිසුන් පේන්නටම බැරිය.

දේ ආ වෙරි බෑඩ් පීපල්.. දේ කිල්ඩ් අදර්ස් හූ ආ නොට් කොමියුනිස්ට්...............

කොමියුනිස්ට් කාරයො කියන්නෙ මහ ජරා මිනිස්සු.. උන් කොමියුනිස් ක්‍රෙම්ට කැමති නැති උන් මරා දමනවා. රට කෑව. රටේ කාටවත් පුද්ගලික දේපලක අයිතියක් නැහැ. ඒ අය කැමති දේ විතරයි මිනිස්සු කරන්න ඕනැ. ආදී වශයෙන් දෝස් මුර කෝටියයි. මම මේ කියන්නෙ බොරුවක් නම් ඔබට ද මෙවැනි රටවලට සංක්‍රමණය වූ රුසියානුවන් සමග හිතවත් වී අසාගන්නට හැකියි.

රුසියාව කෑවෙ ගොර්බචොෆ්ද?

එසේම රුසියානු ජනාධිපතිවරයෙකු වූ ගොරබචොප් නමැති පෙරස්ත්‍රොයිකා ප්‍රතිපත්තිය ගෙන රුසියාව යළි කෑලි වලට කඩා විනාසකලායයි අපි කියන කෙනා ගැන ඇසූ විට ඔවුන් කියන්නේ වෙනත් දෙයක්ය. ඒ මිනිහ යමක් ජනතාව වෙනුවෙන් කරන්නට හැදුවත් අරුන් ඒකට ඉඩ දුන්නේ නැහැ. ඔවුන් කිසි කැතක් නැතුව කියනවා.

නිහඩ කල්පනා ලොවක තනිවුනෝ

ඒත් මට තාම මේක අදහා ගත නොහැකි නිසා මගේ හිත හදා ගැනීමට තැත්කරන විට මගේ හිතට නැගෙන නිහඩ කල්පනා සමග මෙලෙස තර්ක කරමිය.
1. දියුණු රටවලට ඇවිත් නිදහස භුක්ති විදින නිසා මොවුන් සමාජවාදයට කැමති නැත.
2. එක්කෝ මොවුන්ගේ රටේ කොමියුනිස්ට් ක්‍රමය පෙන්නන්න බැරි නිසා මේ රට වලට පැමිණ ඇත.
3. රුසියාව ඇතුලු සමාජවාදී පිළ කඩා දැම්මේ ඇමරිකානු ධනවාදී කුමන්ත්‍රණ නිසාය.
4. ධනවාදී දියුණු රටවල සිය රටවැසියන්ට ලැබෙන උසස් ජීවන මට්ටම් පහසුකම් නිදහස යන කාරණාවන්ට අප රට වැනි රට වලට ද පහසුවෙන් සමීප විය හැකි වු ව ද, අවසානයේ ජනතාවට වදයක් වන තිත්ත කසාය කොමියුනිස්ට් ක්‍රම ගේන්ට දගලන්නේ කිමද?
5. කොමියුනිස්ට් කියන දැඩි නිලධාරීවාදී දරදඩු පාලන රාමුවකට වඩා වෙනත් ආකාර විශමතා තුබුණ ද තම තම හැකියාව අනුව දියුණු වීමට හැකි මිනිසුන්ට උපයාගෙන හැදීමට ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී රටවල ඇති මානව නිදහස වඩා හොඳ නොවේද?
6. එහෙත් අපේ රටේ තියන මජර පාදඩ දේසපාලනේ වෙනුවට සත්‍ය ලෝකයේ ෆේල් වී ගිය පරිකල්පනික සාහිත්‍ය කෘතිවලින් සුන්දරව මැවුණ කොමියුනිස්ට් මායාවක් ඇගේ දාගැනීමට දැගලීම ඇත්තටම ඥානවන්ත වැඩක්ද?

ජවිපය සතු සහජ ශක්‍යතාව කුමක්ද?

දැන් මේ විස්තරය අනුව සමාජවාදී ගර්භයකින් යුත් ජවිපෙ අල්ලා වීසි කර දැමිය යුතුයැයි ලංකාවේ අයට හිතෙනු ඇත. එහෙත් මට නම් එය එසේ සිතෙන්නේ නැත. ගැබ මොකක් වුනද ජවිපය තුළ ලංකාවේ සෙසු මජර දේසපාලනයෙන් අපගමණය වූ සාධනීය සාධක තිබේ. එය කොමියුනිස්ට් රසය නිසා එසේ වූයේ යැයි කීම සාධාරණ නැත. වංචාවෙන් දූෂණයෙන් තොර සමාජ සේවයක් ලෙස දේශපාලනය කළ යුතුය යන්න පැවසීම මෙන්ම පිළිපැදීම ද අප සමාජය තුළ පැවති ගැඹුරු සංස්කෘතිකමය අදහසකි. එහෙත් රට පාලනය කළ දේශපාලන පක්ෂ තමනට බලය ලැබුණ විට නීතිය සාධාරණය අකුලා වංචනික ලෙස තමතමන් හොරා කාගැනීමට පෙළඹීම නිසා රටට මෙම සංතෑසිය සිදුවී තිබේ. එහෙයින් ඒ මූල දෝශ ජවිපය ගැඹුරින් හදුනා ගෙන ඇත. එය යහපත්ය.

ජවිපෙ හැකියාව රට හැදීමට මිස කොහෙවත් නැති කොමියුනිස්ට් රැකීමටද?

එහෙත් අන්පක්ෂ අභිබවා රට දියුණු කිරීම පිණිස ජනතා බලය ලබා ගත හැකි පක්ෂයක් වීමට නම් ජවිපයට මොකා මොනවා කුරුටු ගෑවත් කළ යුතු දේශපාලනමය තීන්දු කිහිපයකි. නීතිය හා සාධාරණය මෙරට පිහිටුවා දේශපාලකයන්ගේ හොරකම වංචාව අවම කළ මිනිසුන්ට තමන්ගේ හැකියාවන් මත හරි හම්බකරගෙන දියුණු විය හැකි, තමන්ගේ සල්ලියෙන් අවශ්‍යතා සපුරාගත හැකි සමාජමය ආරක්ෂණයක් තහවුරු කළ යුතු වන්නේය. එය පවතින්නා වූ ප්‍රජාතාන්ත්‍රික ධනවාදී වූ සමාජ ක්‍රමයේ පෙරකී දෝහභංග කළ ක්‍රමයක්ම මිස ලොව යල්පැන ප්‍රතික්ෂේපවෙමින් ඇදෙන කොහෙවත් නැති සමාජවාදයක් යලී ගෙනැවිත් අතහැරීම නම් නොවෙතැයි පෙනේ. මොන හිතේ අමාරුව හැදුනත් මේ සත්‍යය ජවිපේ නායකින් අනුගාමිකයින් පවා තේරුම් ගත යුතු කාරණාවකිය. එහෙත් ඔවුන්ගේ ඒකායන පිළිතුර තවදුරටත් සමාජවාදය මගින්ම එය නිවැරදි කළ හැකියි යන්න නම් තව 2020 තබා සිය වසක් ගියත් අගලක්වත් ඉදිරියට යාහැකිදැයි සිතිය නොහැකිය.

෴සමනොළ෴

මිනිසකු තුළ යම් අදහසක් අධිෂ්ඨානයක් ඇති වුනහම ඒක කාගෙන ඉලක්කය කරා යන්නෙ මිසයිලයක් වගේ.

මිනිසකු තුළ යම් අදහසක් අධිෂ්ඨානයක් ඇති වුනහම ඒක කාගෙන ඉලක්කය කරා යන්නෙ මිසයිලයක් වගේ. 

මේ ඉන්නෙ රොහාන් විතානආරච්චි. රොහා මට හම්බ වෙන්නෙ 1991 දි විතර කැලණියෙ විශ්ව විද්‍යාලෙදි. රොහා කලේ ෆිසිකල් සයන්ස්. මම කලේ බයෝ. රොහාන් විතානආරච්චි හරි නිහඩ මිනිහ. කාටවත් කරදරයක් වන වචනයක්වත් කියනව මට ඇහිල නැහැ. ඊට පස්සෙ ඔහුව ආයෙ ආශ්‍රය කරන්න හම්බුවෙන්නෙ 2014 විතර සිට ඕස්ට්‍රේලියාවට ආහම. ඒත් දුරකතනයෙන්. මොකද රොහාන් ඉන්නෙ මෙල්බන්..මම ඉන්නෙ බ්‍රිස්බේන්..

රූපය නොදැක්කට හදවත පෙනෙනවා.

මචං එදා ලංකාවට ගිහින් ආවයින් පස්සෙ මට අදහසක් ආවා එක අසරණ පවුලකට නිවසක් හදල දෙන්න. රවිදු කියල පුංචි ආබාධිත දරුවකුගෙ පවුලට. ඒ ලමයා කුඩා කාලෙ ශල්‍යකර්මයක් වැරදිලා කකුලක් ඉවත්කරලා. ඒ පවුල ජීවත් වෙන්නෙ අලව්වේ පුරන්වූ වෙල් යායක් අද්දර ඉතා කුඩා කුලී පැල්පතක. ළමයගෙ පියාට ක්ෂය රෝගය වැලඳිලා සුවවුනත් රස්සාවක් කරන්න බැහැ.
ඇස්තමේන්තුව අනුව සම්පූර්ණ වැඩේට ලක්ෂ 13 ක් විතර යනවා. මට ඒ සම්පූර්ණ වැඩේ තනියෙන් කරන්න සල්ලි නැහැ. ඒත් මම කල්පනා කලා කොහොම හරි යාලුවො ටිකත් එකතු කරන් ඒක කරන්න..රොහාන් කීවෙ මීට වසරකට පමණ පෙරදි.

කාර්ය ආරම්භක හැකියාව හා පවත්වාගෙන යාමේ වීරිය

ඊට පස්සෙ බොහෝ දේවල් සිද්ධ වුණා. පාදයක් අහිමි වූ රවිඳු පුතුට සෙවණ සදමු..Shelter for Ravindu Facebook සත්කාර්ය නමින් වැඩ පිළිවලකුත් ඇරඹුණා.ඕස්ට්‍රේලියාවෙ කැලණියෙ හිටපු යහලුවො විතරක් නෙමෙයි, මෙල්බන් වල රොහාන්ගෙ හිතවතුන් බොහෝ දෙනනෙකු එක පොදියට වැඩේට දායක වුණා. ලංකාවෙ මෙන්ම ලෝකෙ වටෙ හිටපු හදවත් ඇති යහපත් මිනිසුන් රැසක් පුලු පුලුවන් විදියට සහයෝගය දුන්නා.
කවුරුහරි ඔය වගේ ප්‍රොෙජක්ට් එකක් ගෙනෙද්දි මොන සල්ලිකාරය වුනත් ඕං කියල සල්ලි දෙන්නෙ නැහැ. මොකද එකටම වැඩේ කරන එකා ගැන විශ්වාසයක් තියෙන්න ඕනෙ. ඒ අතින් රොහාන් බොහොම ඉදිරියෙන් ඉන්න චරිතයක්. අනෙක තමයි කාට වුනත් එක පාරටම ලොකු ගාණක් පරිත්‍යාග කරන්න අසීරු වීම. අතේ මිටේ තියන තියන හැටියට කීය කීය හරි එකතු කරන් තමයි රොහාන් වැඩේට බැස්සෙ. කවුරු දුන්නත් නැතත් මචං මම තනියෙන් හරි පටන් ගත්තු වැඩේ කරනවා. රොහාන් කිව්වෙ එහෙම.

මුලු විශ්වයම හොඳ හිත සමග එකතු වුණා වගෙයි

ඒ දැඩි ස්ථීර පින්වත් අධිෂ්ඨානයක් මිනිසකු තුළ ඇති වුනහම විශ්වයේ අමුතු ශක්තින් ඒවටා එක්රොක් වනවා කියල අදහසක් තියනවා. ඉතින් මේ සත්කාර්යයට අවශ්‍ය ඉඩමකුත් ලැබෙනවා පරිත්‍යාගයක් විදියට. ඒ පින්කම කලේ දේශාන් අධිකාරි කියන හිතවතා. ඒවගේ බොහෝ මිනිසුන් මේ පින්කම වටා එකතු වුණා.

හොඳක් කලත් පරහක් තියනවා

ඒත්, හැමදේම සුන්දර වෙන්නෙ නැහැ. රොහාන් මෙහෙ.... වැඩේ සිද්ධ වෙන්නෙ ලංකාවෙ. බාස්ලට බඩු ගෙනත් දාපුවහම හරිහමන් අධීක්ෂණයක් නොවුනම සිද්ධවෙන සංතෑසිය කිවයුතු නැහැ. එවන් අකටයුතුකම් කොතෙකුත් සිද්ධ වුණා. ඒත් රොහාන් නෙමෙ පස්ස ගැහුවෙ. රොහාන්ගෙ පියාව එම ස්ථානය වෙත යවමින් ඔහු පුදුම වෙහෙසක් ගෙන සංවිධානකටයුතු කලා. ඇස්තමේන්තු ගත කළ මුදලට වඩා වැඩි මුදලක් දැනටමත් වැය වුනත්, තවමත් නිවස ෆිනිෂින් කර වැඩ සම්පූර්ණයෙන්ම නිම වී නැහැ. එහෙත් නිවසේ වහල සම්පූර්ණ කර ඇති නිසා බිත්ති කපරාරු කර නිමවුම් කටයුතු ටිකක් තව ඉතිරිව තිබෙනවා.

ගෙට ගෙවැදීම හා හිසට සෙවණ

දැන් මහත්තයො ඔය තියන ප්‍රමාණයට අපිට පදිංචි වුනෑකි. රවිදුගේ දෙමාපියන් කීව නිසා දැන් තියන මට්ටමින් එම පවුල ගෙට ගෙවදුණා. දැන් නිවාඩුව ඉතිරි කටයුතුත් නිමකර දෙන්නටයි රොහාන් හිතන්නෙ. ඔව් එය එහෙමම කරන්න ඕනැ.

හදට දැනෙන නිහඩ පෞරුෂය

තමන්ට අවුලක් නැතිව ඕස්ට්‍රේලියාවේ සුපිරි දිවියක් ගතකරමින් සිටිය හැකි වුවත්, තමා උපයන දේ සහ කාලය ශ්‍රමය වැයකර මෙවැනි අසරණ දරුපවුලක් සදහා හිසට වහලක් ලබා දීමට හිතීමත් ලොකු දෙයක්. ඒ නිවසේ සේයා රූ දකින විට ඒ වටා සිටි සියලු හිතමිතුරන්ගේ දෑසට කඳුලු උනන එක වලකන්නට බැහැ. ඒ තරමට ඒ පුණ්‍ය කර්මය හදවතට දැනෙනවා. රොහාන් උඹ මහ විසාල මිනිහෙක් මචං.

෴සමනොළ෴

ජවිපයට ගොපල්ලාගේ ජොබ් එකින් එහාට යාමට නම්

ජවිපයට ගොපල්ලාගේ ජොබ් එකින් එහාට යාමට නම්

ශ්‍රී ලංකාවේ දේශපාලන ගොහොරුව තුළ මාරුවෙන් මාරුවට මොන විනාසය කළත් කොළ-නිල් දෙපිළට දිගින් දිගටම ජනතාව චන්දෙ දෙන්නේ ඇයි? ජවිපය ප්‍රධාන ප්‍රවාහයන්ට වඩා පූර්ණ ලෙසම ජනතාධනය දේපල මංකොල්ල නොකන සහ දේශපාලනය හුදු සමාජ සේවයක් ලෙස කරන අධ්‍යාශයක් ප්‍රකට කලද, අසන අසන බොහෝ දෙනා එය ඉස් මුදුණින් අගය කළ ද චන්ද දවසේ කතිරෙ ගසන කුටීරයට ගිය පසු ආයෙත් හොරා කෑවත් අර දෙකටම කතිරෙ ගසා පැමිණෙති. මේ අතර 2020 දී රජයක් පිහිටු වන ඉලක්කයක ජවිපය සිටී. ජනතාව ද මූණිච්චාවට ජවිපයේ පැහැදිලි ප්‍රතිපත්ති ගැන මහඉහලින් වනති. එහෙත් ඇතුලතින් මහජනතාව සිය කතිරය හිතේ සැක සංකාවක් නැතිව ජවිපෙටම දීමට තරම් මට්ටමකට පැමිණ තිබේද? නැතිනම් ඊට හේතු කවරේදැයි සිතා බැලීම වැදගත්ය.

සමාජවාදීගතිය අඩු වී ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවීම?

ජවිපය එජාපය සමග ඩීල් දමනවා යැයිද ඒ නිසාම එයට දිනිය නොහැකි වන බවට ශ්‍රී ලනිපය මෙන්ම ජවිපෙන් කැඩුණු අන්ත-සමාජවාදී කොටස් කියති. ලංකාවේ සමස්ත චන්ද හා සසඳා බැලූ විට එකී අදහස නිසා ජවිපයට චන්දය නොලැබීයාමක් වන්නේ නම් එය නොසැලකිය හැකි තරම් කුඩා බව පෙනේ. මක්නිසාද යත් එවැනි මතයක් හදමින් ඒ බව කියමින් සිටින කොටස කොහොමටත් දැනටත් ජවිපයට චන්දය නොදෙන නිසාය.
අන්තවාදී සමාජවාදී හීනයක සිරවී සිටින අතලොස්සකට එය එසේ වීමට හැකි වුවත්, රටේ බහුතරය මුලු රටම 100% සමාජවාදී ක්‍රමයකට හරවනවාට කොහෙත්ම කැමති නැත. ජවිපේ හෝ සමාජවාදය ප්‍රියකරන කවුරු කවුරුත් මේ තිත්ත ඇත්ත අකමැත්තෙන් හෝ වටහා ගත යුතුව ඇත. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී දේශපාලන ක්‍රමයන් රටක මහජනයාගේ සුබ සෙත පිණිස මෙවලමක් ලෙස විනා, සමාජවාදය සමාජවාදයේ උන්නතිය සඳහාවත්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදයේ උනනතිය සඳහාවත් නොවන බව අවබෝධ කර ගත යුතුය.
එනම් ජවිපයේ සමාජවාදී ගතිය අඩු වීම හෝ ජවිපය ප්‍රජාතන්ත්‍රවාදයට ද නැඹුරුවීම, ජවිපය කෙරෙහි මිනිසුන්ගේ ප්‍රසාදය වැඩි වීමකට මිස අඩුවීමකට බලපා නොමැති බව පෙනේ.

සමාජගත වුණු ත්‍රාසය හා වෛරය

එහෙත් ජවිපයට මිනිසුන්ගේ සමොද්ග්‍රහණය හිතන තරම් නොලැබීමට හේතුව වෙනකක් බව ගැඹුරින් සිතා බලන කළ පෙනේ. දැනට ජවිපය අතිශය ආදර්ශමත් ප්‍රතිපත්තිගරුක උස්තලයක හිටිය ද ජවිපේ පෙර දේශපාලනභාවිතාවන් නිසා ආණ්ඩුවේ මර්ධනය නිසාත්, ජවිපයේ මර්ධනය නිසාත් දහස් ගණනක් ලාංකිකයින් ජීවිවලින් වන්දි ගෙවීමත්, රට තුළ ඇති වූ බියජනක වටපිටාව මගින් සමාජ ගතවී ඇති ත්‍රාසය හා වෛරයන් සමාජය තුළ ඇතිතරම් ඇති බව වටහා ගතයුතුය.

සමාජ-ප්‍රජාතන්තුවාදීන් හොඳ හිත බෙදාදීම

සමාජ- ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස ප්‍රජාතන්ත්‍රික රාමුව තුළ අනන්‍ය ගැඹුරු දේශපාලනික ගුණාං පෙන්වන ජවිපය, දැනටත් වඩා පුලුල් මානව වාදී භාවිතාවකට අවතීර්ණ වීය යුතුව තිබේ. උදාහරණයක් ලෙස විරු සමරුවේදී සිය අහිමි වූ සගයන් වෙනුවෙන් දක්වන ප්‍රාමාණික සැලකිල්ල, ජවිපය අතින් අසාධාරණයට ලක් වූ මිනිසුන්ටද ලබා දීමට තරම් ප්‍රබල විය යුතුය. මක්නිසාද ඔවුහු ජවිපයට වඩා අන් මතයක් දරුව ද. ජවිපේ දේශපාලන අධ්‍යාශ තුළින් අගතියට පත් වුනු කොටසක් බව ද සිතිය යුතුය. මෙහිදී ප්‍රා, කොළ කොටි, හෝ වෙනත් එවැනි කල්ලියක සෘජු මිනීමරුවන් නොවුනු ජවිපය අතින් මියගිය ගමේ නගරයේ අහිංසක මිනිසුන් ගැනවත් සිතිය යුතුය. ඔවුනගෙන් සමාව ගැනීමේ දිගුකාලීන මනුසත් වැඩ සටහනක් ද ඇරඹීම කළ යුතු වන්නේය.
එවැනි සමායෝජනයක් හොඳහිත වගාකර ආදර බෙදාදී, ජනතා ව්‍යාපාරයක් ලෙස ඔවුනගේ දුක සැප ක්‍රොධය පිටකර ඉවසා දරාසිටීමේ පුබල හැකියාවක් ගොඩ නගා ගැනීම තරම් ජවිපයට ආත්ම ශක්තිය තිබේ.

ඔහොම කරල බලේ අරන් කෙළියි ද? සැක දුරු කිරීම

එසේම, ජවිපය මොන යහපත් දේ ඉදිරිපත් කළ ඳ, මොන දේ ආදර්ශයෙන් කර පෙන් වුව ද, මිනිසුන් හිතන්නේ ඔහොම කරල බලේ අරන්, ඒ අය සමාජවාදී රටක් කොට එකෙකුටවත් කටක් අරින්න නොදී කියුබාව හෝ උතුරු කොරියව හෝ ලෙස එකම පාලකයා තමන් කැමති වුනත් නැතත් බලහත්කාරයෙන් රට අල්ලා ගෙන සිටීවි කියාය. එයින්ද ගම්‍ය වන්නේ මිනිසුන්ට මොන දේ ලැබුණත්, සිය ප්‍රජාතන්තුවාදය නිදහස නැතිවී එක්තරා ඒකාධිපතියකු යටතේ කට්ට කෑමට සිදුවන වායැයි වන බියකි. ඊට පිළිතුරු ලෙස දැන් පවතින රජයන් තුළ ඊට වඩා වෙනසක් නැති බව කීව ද වසර පහ හයකට වතාවක් ආණ්ඩු පෙරළීමේ හැකියාවක් ජනතාව සතුව ඇත. ඒ අනුව ජවිපය යම් දිනක බලය ලබා ගත් පසු පවතින ප්‍රජාතන්ත්‍ර රාමුව චන්ද ක්‍රම අකුළා නොදමා සමාජ පද්ධති සිස්ටම් මීට වඩා දියුණු කරන බව පමණක් සිදුකරන බවට අදහසක් ජනතාවට ඇති කළ යුතුය.
එසේ නොවනතාක් තව කොපමණ කළක් ගත වුව ද ජනතාව ජවිපයට පවතින ආණ්ඩු වල ගොනා කාණුවේ යන විට, කෙවිටෙන් තලා නිසි මගට දක්කන ගොපල්ලාගේ ජොබ් එකට එහා දෙයක් බාර දේවියැයි සිතීම අපහසුය.
෴සමනොළ෴

වළියට හේතු සොයා දෙපැත්තටම ජයෙන් ජය විසඳුමකට යන හැටි හෙවත් ගැටුම් නිරාකරණ න්‍යාය

වළියට හේතු සොයා දෙපැත්තටම ජයෙන් ජය විසඳුමකට යන හැටි හෙවත් ගැටුම් නිරාකරණ න්‍යාය

පසුගිය දවසක මට ඕස්ට්‍රේලියාවෙ ක්වීන්ස්ලන්ත ප්‍රජා ජාතිකත්ව කවුන්සිලය විසින් සංවිධානය කෙරුණු ප්‍රජා නායකත්ව සැසියකට සහභාගිවන්න අවස්ථාව ලැබුණා. එහිදී ඕස්ට්‍රේලියානු ගැටුම් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ජෝසෆ් හොන්ගොහ් මහතාගේ ගැටුම් නිරාකරණය සම්බන්ධ දේශනයට මාසිත ඇදී ගියා. මොකද එය මතුපිටින් පෙනෙන ගැටුම හා ඉන් ඇතුලාන්තයෙහි ඇති හේතු යුක්ත හදුනාගෙන ඒවාට විසඳුම් දී වඩාත් ස්ථාවර මානව සාමයක් සහජීවනයක් ඇතිකරගැනීම පිළිබද හොද විද්‍යාත්මක ප්‍රෙව්ශයක් ඉදිරිපත් කළ නිසා.

ගෝත්‍රික ගති හලන්නට දැනුම වැදගත්

එය, ලොව විවිධ වාර්ගික ආගමික ගෝත්‍රවාදී සටන් නිසා අවතැන්ව අපහසුවටපත් මිනිසුන් බුරුතු පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ විට එකී ජනතාව නිසා මෙවැනි දියුණු සමාජවල ද කිසියම් කලෙක ඇතිවිය හැකි අර්බුදයන්ට මුහුණ දීමේ හොඳ ප්‍රෙව්ශයකි. එවැනි මිනිසුන්ට මෙවැනි සාමකාමී පරිසරයකට ආ විට දැනෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වටපිටාව තුළ සිට සිය රට දෙස විමර්ශනශීලී මනසකින් බලා චින්තනය පොහොසත් කර ගැනීම වටනේය.

වළියට යටින් ඇති නිධාන කතාව

බලාන ගියවිට වළියක්, ගෝරියක්, වචන හුවමාරුවක්, කුළල්කාගැනීමක්, මිනීමරාගැනීමක් ලෙස මතුපිටට දිස්වන ගැටුමක අභ්‍යන්තර හේතු සාධක පෙනෙන මතුපිටට වඩා මහා විසාලයි. එය මුහුදේ පාවෙන අතිවිශාල අයිස් කන්දක ජලය තුළ සැඟවුණු වඩා විශාල කොටස හා සමාන වනවා. එවැනි ගැටම්කාරී අවස්ථාවක් දුටු විට ඇයි ඔවුන් එළෙස කරනුයේ? යැයි විමසූ විට ගැටුමට මූල් වූ හේතු කාරණා අණාවරණය කරගත හැකියි. එහිදී මූලිකම හා වඩා පහසුවෙන් හදුනාගත හැක්කේ වළියට මුල එක්කෝ ඔවුන්ගේ යම් යම් කැමැත්තක් (ආශාවක්) බවය. ඇයි ඒ ආශාව ඔවුනට අවශ්‍ය? යැයි ඊලඟට ප්‍රශ්න කළ යුතු වනවා. එහිදී එකී ආශාවන් ඉපදුනු සැබෑ ජීවී අවශ්‍යතා හදුනාගත හැකිවනවා. එකී ජීවී අවශ්‍යතා ඔවුනට දිගුකාලීනව ලබා ගැනීමේ මානව අත්‍යාව්‍යයත්වය හඳුනාගෙන, උසස් මිනිසුන් ලෙස ඒවා ඒකාබද්ධ ප්‍රෙව්ශයකින් සාමදානව බෙදාහදාගෙන පරිහරණය කරගැනීම ගැන අදහසකට පැමිණිය හැකි වනවා. එහෙත් එය ප්‍රායෝගික තලයේ දී පහසු නැහැ. නොදියුණු සමාජවල මිනිසුන් බෙදාහදාගැනීම, අනෙකාගේ මත ඉවසීම ඒවාට අනුග්‍රහය දැක්වීම ගරුකිරීම ගැන කිසිදු සාධනීය බවක් නැති නිසා.

ගැටුම් වල මූලික ස්වරූප හඳුනාගමු

එසේම ගැටුම් යන සංකල්පය ගත්විට එය මෙලෙස මූලික මට්ටම් 4කින් යුතුව ඇතිවිය හැකියි.
1. කිසියම් කාරණාවක් හෝ සිතිවිල්ලක් ගැන පුද්ගලයා තුළම ඇතිවන ගැටුම. (Intrapersonal Conflict)
2. පුද්ගලයින් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර ඇතිවන ගැටුම (Interpersonal Conflict)
3. කිසියම් පුද්ගල කණ්ඩායමක් තුළ ඇතිවන ගැටුම (Intra-Group Conflict)
4. කිසියම් පුද්ගල කණ්ඩායම් අතර ඇතිවන ගැටුම (Inter-Group Conflict)

ආත්මාර්තකාමීත්වය හා පරාර්තකාමීත්වය අතර දෝලනය වන විසඳුම තෝරාගනිමු

එහිදී තමන් ගැන සිතීමේ ආත්මාර්තකාමී ලක්ෂණය X අක්ෂයටත්, අනුන් ගැන හිතීමේ පරාර්ථකාමී ලක්ෂණය Y අක්ෂයටත් ගෙන ප්‍රස්තාරගතකර ඒ හැඟීම් දෙකටම සාධාරණ හා අසාධාරණ වන ලෙස, අර කලින් සඳහන් කළ ගැටුමට මුල් වූ ඉතාම ඇතුලාන්තයේ වූ මානවජීවි අත්‍යාව්‍යතා බෙදාගැනීම ගැන අදහසක් ගොඩනගා ගත හැකි වනවා. මෙම විසඳුම් ආකාර 5ක් ලෙස මූලිකව හඳුනාගත හැකියි.

1. මගහැරීම (Avoidance)- 

එනම් ආත්මාර්තය හා පරාර්තය යන දෙකම බින්දුවේය. එකෙක්වත් ඒ ගැන නොසලකා සිටියි. ආ..එහෙනං ඒක තෝම තියා ගනුකො..යනුවෙන් බල්ලන්ට පොල්ලෙලි විසික් කරනවා මෙන් යමක් නොකමැත්තෙන් ලබාදී අත්හැරදැමීමය. මෙයද විසඳුමක් නොවේ.එනම් විසඳුමක් සිදු නොවෙයි.

2.තරගය (Competition)- 

එනම් සිය ආත්මාභිලාශය උපරිම වන අතර අනෙකා ගැන තුට්ටුවකට මායිම් නොකරයි. විසඳුම සාර්ථක නැත.

3. පිළිසරණ (Accommodation)

තමන් ගැන නොසිතා අනෙකාට, අදාළ අවශ්‍යතාව ප්‍රදානය කිරීමය. බෝධිසත්ත්ව ගුණෝපේත දන්දීම මේ ගණයට ගත හැක. අධ්‍යාත්මික දියුණු චින්තනයක් තුළමෙවැන්නක් යහපත් සාර්ථක සේ ගැණුන ද ප්‍රායෝගික තලයේදී මෙය අසාර්ථකය. දන්දීම ගැන දාර්ශනික වදන් දෙන රටවල පවා අනෙකාට යම් සහනයක් සැලසීමේදී කැත්තට පොල්ලමෙන් සිටිනාකාරය අනුව මෙය තේරුම්ගැනීම අපහසු නැත. (කෙසේවෙතත් පුද්ගලිකව මම නම් දානය ප්‍රගුණ කිරීම සමාජය වඩාත් යහපත් වනු ඇතැයි විශ්වාස කරමි)

4. සමථය (Compromise)- 

අවශ්‍යතා දෙකට බෙදා ගැනීමය. නැතහොත් සිය ආර්මාර්ත හැඟුම් අඩක් බිලිදී, අඩක් රැකගෙන, අනෙකා ගැන අඩක් සිතා අඩක් නොසිතා 50ට 50 හෙවත් බාගෙට බාගෙ අදාළ අවශ්‍යතාව බෙදා ගැනීමය. සමහර කාරණාවලදී මෙය සාර්ථකය. එහෙත් සමහර ද්‍රව්‍ය හෝ දේවල් මෙලෙස හරියට දෙකට බෙදාගත නොහැකිය. එවිට මෙයට වඩා ඉදිරිගාමී වෙනත් විසඳුමකට යායුතුය.

5.ඒකාබද්ධතාව (Collaboration)-

වඩා උත්තම විසඳුම වෙත වන මානව ප්‍රෙව්ශය මෙය වේ. සියලු පාර්ශ්ව සිය අවශ්‍යතා පොදු නීතිරීතිවලට යටත්ව එකිනෙකාගේ මානව ගරුත්ව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව භුක්ති විඳීමය. ජනවර්ග කිහිපයක් වසන බිම කෑලිවලට කඩා අනෙක්වුන් වෙත පුදා දෙපැත්තකට වී සිටිනවාට වඩා දෙපිරිසම අවශ්‍යතා පරිදි ඒකාබද්ධව ජීවත්වීමය. දියුණු රටවල මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සාධනීය මට්ටමකට සැපීරී තිබෙන නිසා ඔවුන් මෙවැනි වඩා උසස් ජීවන ක්‍රමයක් වෙත නැඹුරු වේ. එහෙත් අධික ජනගහනයකින් යුත් අවම ජීවත්වීමේ පහසුකම් වත් නැති රටවල මෙම අදහසට වඩා ගෝත්‍රික ලෙස කුලල් කාගැනීම් වර්ධනය වේ.

සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය හමුවන තැනට

කෙසේවෙතත් ඒකාබද්ධතාව යනු පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයය. නැතහොත් පූර්ණ සමාජවාදයය. අවශ්‍යතා අනුව සකළ සම්පත් රටක වූ මූලික නීති රීති සම්ප්‍රදායන්ට අනුකූලව සාධාරණව බෙදාහදා ගෙන, අනෙකාගේ මානව ගරුත්වය රකිමින් ජීවත්වීමය. එහෙත් බෙහෝ නොදියුණු රටවල කිසියම් පිරිසක් හෝ කණ්ඩායමක් මෙවැනි ස්ථීරසාර විසඳුමක් රටේ ගැටුම් විසඳා නිරාකරණය කර ගෙන රට දියුණු කිරීමට උත්සාහ කරන විට, අනෙක් අයවලුන් හුදු වාර්ගික හෝ ආගමික භේද අවුලුවා එය කඩාකප්පල් කිරීම සිදුවේ. එකී රටවල දූෂිත දේශපාලනය සිය පුද්ගලික පැවැත්ම උදෙසා දිගින් දිගටම වාර්ගික ආගමික ගැටුම් අවුලුවාගමින් බලය ලබා ගැනීමේ සෙල්ලම පවතින තුරු අතට අසුවූ විසඳුම් පවා කටට දමා ගැනීමට නොහැකිව විනාස වී යාම තරම් වියෝගයක් මේ තුන්ලෝකයේ තවත් නැත.

෴සමනොළ-෴
16/03/2017

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...