Thursday 18 May 2017

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය සටන්

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය සටන්

පසුගිය කාලයක අධ්‍යාපන සහන කප්පාදුවකට එරෙහිව ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය ප්‍රජාවක් විසින් කරන ලද උද්ඝෝෂණයක සේයාරුවකි. බලාන ගියහම ශිෂ්‍ය ව්‍යාපාරය වූ කලි ලොව පුරා ව්‍යාප්ත ජවාධික රැඩිකල් තරුණ ප්‍රජාවගේ හඩය.

ඒ ඒ බනිස් වලට ඒඒ කෙහෙකං

එහෙත් විවිධ රටවල සමාජ දේශපාලනික කාරණාවන්ට සාපේක්ෂව ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්ගෙඩි ස්වරූපයට ශිෂ්‍ය ව්‍යාපාරවල ක්‍රියාකාරකම් සිදුවේයැයි පෙනේ. සමස්තයක් ලෙස ගත් කළ ශිෂ්‍ය ව්‍යාපාර වල මූලික සටන් තුළ තමනට රජයෙන් ලැබෙන දීමනා පවත්වා ගැන්ම වැඩිකර ගැන්ම, රටේ අධ්‍යාපන කාරණා සම්බන්ධ දේ වෙනුවෙන් තමන්ට පෙනෙන දෘෂ්ටියට සාපේක්ෂව එරෙහිවීම හෝ වෙනස් කරගැනීමට යත්න දැරීම, වෙනත් සමාජ දේශපාලනික වාර්ගික කාරණා වෙනුවෙන් හඩ නැගීම, යම් යම් දේශපාලකයින්ගේ අදහස් අනුව කටයුතු කිරීම වැනි කාරණා අඩු වැඩි වශයෙන් සිදුවන බව පෙනේ.

ගැටුම්

සමස්තයක් ලෙස ලොව දියුණු ධනේෂ්වර රටවල ශිෂ්‍ය ව්‍යාපාර වලදී ඇතිවන ගැටුම්කාරීතත්ව වලදී ආරක්ෂක අංශ සමග ගැටුන ද තුන්වන ලෝකයේ මෙන්ම චීනය වැනි රටවල රජයේ ආරක්ෂක අංශ සමග ගැටීමෙන් වන හානි තරම් අබග්ග සිදුවේ දැයි යන්න ගැටලුවකි.

ඔලුව වටා අත දමා නහය අල්ලා ගැන්මට සිදුවීම?

දියුණු රටවල අධ්‍යාපනය මුදලට ලබාගත්ත ද ශිෂ්‍යයින්ට එකී මුදල් හරිහම්බකරගෙන ගෙවා දැමීමේ පහසුකමක් තිබේ. එහෙයින් උපයන මුදල ගැන වටිනාකමක් මෙන්ම රාජ්‍ය දේපල හානිකර පොදු නීති කැඩීම ගැන මනා අවබෝධයක් හා ශික්ෂණයක් ඔවුනට බොහෝ දුරට ඇත. එහෙත් තුන්වන ලෝකයේ රටවල පොදු දේපල රැක ගැනීම ගැන වදන් දෙන වුන් සිය සටන් වලදී පොදු දේපල කාබාසිනියා කිරීමටත්, ජනජීවිතය අකර්මන්‍යකර රටේ නිෂ්පාදන ඇණහිටින පරිදි සකළ මාර්ග තදබද ඇති කර සාමාන්‍ය ජනතාව අපහුවට පත්කර ජනතා අප්‍රසාදය නොඅඩුව ලබා ගනිති. එහිදී ඔවුන් පිටුපස සිටිමින් කිසියම් දේශපාලන අරමුණක් කර මෙහෙයවන දේශපාලකයින් සෘජුවම ජනතාවගේ දෝශ දර්ශනයට පාත්‍ර වේ. කෙලින්ම නහය අල්ලන්නට තිබිය දී මෙවැනි කාරණා නිසා සියවස් ගණනක් සිය දේශපාලනයේ කූට ප්‍රාප්තියට පැමිණීමට නොහැකිව ලතවීමට සිදුවේ.

දියුණු රටවල එහෙම වුනත්

එසේම තුන්වැනි ලෝකයේ රටවල පවතින අඩු පහසුකම් දුප්පත්කම රජයේ ශිෂ්‍යාධාරයෙන්ම යැපීමේ අනුහුරුව, හැමදේම රජයෙන් ඉටුකර දිය යුතු වීම, පුද්ගලික අංශයේ දායකත්වය වහකදුරු ලෙස බැහැර කිරීම, රජයේ ආදායම් නැති නිසා අධ්‍යාපනික ආයතන දිනපතා පරිහානියට පත්වීම හරහා ඒවාට ලොව නව දැනුම ගලා ඒම වැලකීම, නවතාක්ෂණයෙන් සන්නද්ධවීමේ දුබලතාව වැනි කාරණා නිසා ශිෂ්‍යයා උපාධිධාරියකු, වෘත්තිකයකු, ඩිප්ලෝමාධාරියකු ලෙස සමාජානුයෝජනය වන්නේ ගෝලීය සමාජ ආර්තික මට්ටමට සාපේක්ෂව බොහෝ පහලින් ඉතා අඩු කොලිටියේ කණ්ඩායමක් ලෙසය. මෙය විශම චක්‍රයක් ලෙස දිගින් දිගටම එවැනි තුන්වැනි ලෝකයේ රටවල සිදුවීමෙන් ශිෂ්‍යව්‍යාපාරයම සිය රටේ අධ්‍යාපනය දැනුමෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධවීමේ අවස්තා වලකමින් තියන දේම පවත්වා ගෙන යමින් හැමදේම රජයෙන් නොමිලේම ලබා ගැනීමේ මානසිකත්වයකින් පෙලේ.

විශම චක්‍රෙයන් මිදීම

මෙය අමාරුවෙන් හෝ අවබෝධ කර නොගත හොත් එවැනි රටවල් තව සියවස් ගණනක් තුන්වැනි ලෝකයේම තැපිය හැකිය. එවැනි රටවල සාධනීය අදහස් ඉදිරිපත් කරන කිසියම් දේශපාලනයක් වෙත්නම් ඔවුන් ද අනියමින් කැරකී කෙහේ දෝ මුල්ලක සිරවී පවතින සිස්ටම් එකට බනිමින් අනියමින් එයම රැක ගැනීමට දායක වෙයි. මෙම විශම චක්‍රය කොතැනින් හෝ කඩා කටුව තුළ සිරවී ඇති මනස් එළියට එනතුරු තුන්වන ලෝකයේ රටවල අධ්‍යාපනය හරහා සමස්ත ජනසමාජයට එකතැන හිරවී පල්වීම වලකනු බොරුය.
෴සමනොළ෴
පිංතූරය උපුටා ගැන්ම: http://www.abc.net.au/…/students-strip-off-to-prote…/7338544 වෙබ් අඩවියෙනි.

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...