Thursday 18 May 2017

එක න්‍යායයක්වත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකොට න්‍යාය ටොන් ගණන් උසුලා සිටින්න්ගේ දේශය


ලෙනින්වාදය හා ලංකාවේ බුදුධදර්ශනය යම් යම් සමානකම් මෙන්ම මූලිකමය ගැටලු තිබූ නිසා ලංකාවේ ජනසමාජයට ලෙනින්වාදය එබ්බවීම පහසු නැත. එක්කෝ එය එබ්බවීම ඇවැසි ද නැත. ඒ දෙකෙහි ඇති යතාර්තමය කාරණා සම්මිශ්‍රණය කොට ශ්‍රීලංකාවට උචිත දේශපාලන දර්ශනයක් ගොඩ නගාගැනීමයි වඩාත් ප්‍රායෝගික බව පෙනෙන්නෙ.

සමාජවාදය හා බුද්ධ දර්ශනය


තවදුරටත් මේ දර්ශනද්වයේ මූලික පදනම ගෙන පැහැදිලි කළහොත්, ලෙනින්වාදය වූකලි බටහිර භෞතික වාදය මූලික කරගත් දහමකි. එය හේගල්ගේ ද්විකෝටික හෙවත් දෛයිලෙක්තික මතවාදය හරහා ගොඩ නැගුණකි. බුද්ධ දර්ශනය බහුමානික හෙවත් චතුස්කෝටික දර්ශනය මූලික කරග් දහමකි. එය භෞතිකවාදයට විපක්ෂ මතයක වූ විඥානවාදය ගරුකොට ගත්තකි.

සමාජවාදයේ න්‍යාය ප්‍රවේශය


සමාජ සත්තාවේ යටිස්ථරය ලෙස වූ ආර්තිකය ඉහලට ගැනීමෙන් සමස්ත සමාජයම එක්වර ඉහලට ගත හැකි බව සමාජවාදයේ ඉගැන්වේ. බුදු දහමට අනුව ද එය සාධාරණය. එසේම සමාජවාදයේ සමාජය නිර්මාණය කිරීම හුදු සමාජය ප්‍රතිනිර්මාණය කර තනිතනි මිනිසුන් තුල ගුණාත්මක බව වර්ධනය කළ හැකි බව අදහන්නකි. මෙය වූ කලි නීතිය ශක්තිමත්කර පවත්වා ගැනීමෙන් කරනු ලබන කෘතිම විනයකි. සමාජවාදී රටවලටත් වඩා මෙම ලක්ෂණය ලොව දියුණු ධනවාදී රටවල වෙසෙසින් තිබේ.

බුද්ධ දර්ශනයේ න්‍යායාත්මක ප්‍රවේශය


බුදු දහමට අනුව (විඥානවාදී මතය) සමාජය ප්‍රතිනිර්ඹානය කිරීම වූකලි පුද්ගල බද්ධ වැඩකි. එනම් තමා තුළ ඇති ආකල්ප වඩා ගෙන තනි තනි මිනිසුන් ධර්මකාමී වීම මගින් සමාජයක් යහපත් කිරීමය. මෙය වූකලි 100%ක්ම ස්වයං විනයකි.

ලංකාවට ගලපා ගැනීම


ඒ නිසා මේ දෙවර්ගයේම සම්මිශ්‍රණය යහපත් විනය ගරුක නීති ගරුක එකිනෙකාට මිනිසුන් ලෙස ගරුකරන සමාජයක් ගොඩ නැගීමට ඉවහල් වන්නේය.
එහෙත් සමාජවාදය නමැති එකී යහපත් කාරණාව සමාජග කෙරන ආකාරයත් බුද්ධ දර්ශනය සමාජගත කෙරන ආකාරයේත් පවතින ක්‍රමවේදයන් නිසා සමාජය තුළ ඇතිවී ඇති ආකල්ප අනුව සමාජවාදය යනු අති බියකරු දෙයක් බවට සමාජය තුළ බියක් ඇතිවී තිබෙන බවයි හිතෙන්නෙ. එනම් යහපත් සමාජවාදය සමාජය තුළ ලේ හලන විප්ලවයක් තුලින් මරාගෙන මැරී තමයි ලෝකයේ බිහිකර ඇත්තෙ. ඒක මහා අප්‍රසන්නයි. ලාකාවේද තත්තවය එයයි. එහෙයින් වත්මන පවතින ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත්කර රටතුළ නීතියේ ආදිපත්‍ය නිවැරදිව පිහිටුවිය හැකිනම් ද, එය අවංකව අපක්ෂපාතව යාමනය වන්නේ නම් ද ඇතිවනුයේ හුදෙක් 100%ක් ප්‍රජාතන්ත්‍රවාදී වූද 100% සමාජවාදී වූද රාජ්‍යයකි.

ධනවාදී රටවල වූ සමාජවාදී න්‍යාය මත හෝ බුද්ධ දර්ශනයේ පදනම්මත වූහෝ ගොඩ නැගී ඇති මානුෂවාදී යතාර්තය


බටහිර රටවල ජීවත්වන විට එවැනි සමාජයක ගුණාංග ඔබට අත්දැකිය හැකියි දැනටමත්. එහෙත් ලංකාව තුළ බුද්ධ දර්ශනය, සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය ඔය මොකත් ඇත්තේ අමුතුම කුරුවල් වූ ස්වරූපයකින් වන අතර බහුතරය අපේ සියල්ල තමා උපරිම හොදයැයි සිතා සිටිමින් ඒවා වෙන්ස් කිරීමට තියා වෙනස් කර එකී දියුණු රටවල මට්ටමටවත් යාවත්කාලී කරගැනීමටවත් නොසිතති. මෙය ලංකාවේ පවතින සමාජ දේශපාලනික මූලිකම භූමි පාලු දෝෂයයි. සංසාරේ..


෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...