Thursday 18 May 2017

එතෙක් ආතල් එකේ සිට කූල් එකේ නිවන් දැකීම වූ කලි

බුද්ධාගම රැකීමට දිවිහිමියෙන් සටනට බැස ඒවෙනුවෙන් ඕනෑම මිනියක් මැරීමට වුවත් සූජානං සෙට් එකේ ගාමක බලය හෙවත් එය එන්ට එන්ට නැගලා යමින් සමාජ රැල්ලක් බවට පත්වී ඇත්තේ මන්දැයි නිකමට කල්පනා කලෙමි.
බුද්ධාමතමයි ශ්‍රේෂ්ටතම..එය රකින අපේ ජාතිය තමයි ශ්‍රේෂ්ටතම. ඒක නැති වුනොත් මොකෙකුටවත් නිවන් දකින්ඩ හම්බුවෙන්නෙ නෑ..ඒ හින්ද අපි ඒ සද්ධර්මය මොන ජාතියෙන් හරි ආරස්සා කරල දෙනවා.

එතකොට උඹල නිවන් දකින්නෙ කවද්ද?

අප්පට සිරි ඒකට කල් තියනවා. මේ පාර අපිට නිවන් දකින්න බෑ බෑම තමයි. ඊලගපාර ට්‍රයි කරනවා.

ඊලගපාර කිව්වෙ?


ආයෙ ඉපදිලා..සංසාරෙ නෙක්ස්ට් ටයිම්. හැබැයි ඒ දක්වා මේක රැකල තියන්නෝනැ. ඒක නිසා ධර්මෙ රැකල තියල අපි ගිහින් නෙක්ස්ටයිම් ට්‍රයි එක දෙනවා.

නෙක්ස්ට් ටයිම් එකේ තෝ ඇට ගෙම්බෙක්, කෝදුරුවෙක් හරි වෙලා ඉපදුනොත් ධර්මෙ රැකීම වෙනුවෙන් කරන පාප කර්ම වලට?


ඒම වෙන්නෙ නෑ. අපි සිංහල බෞද්ධ වෙලා මේ රටේම උපදිනවා.

අම්මපා? කවුද ඔය ගරන්ටිය දෙන්නෙ? බුදු හාමුදුරුවොද?

ආපෝ නෑ..

ඒ නං?

###$$%%@@@***##

අද අද එයි මරු පින්කරගන්නේ


අද අද එයි මරු පින්කරගන්නේ යනුවෙන් ඇති බුද්ධ වචනයේ ගැඹුරවත් මේ මෙලෝ හසරක් නැති මිනිසුන් දන්නේ දැයි ගැටලුවකි. දර්ශනය පැහැදිලි නම් ලැබූ මේ අවස්ථාවේ කැපවී එහි ඇතුලාන්තය විශද කොට නිවන් දැකීමට කැපවීම අතිශය වැදගත් වන්නේය. එය කරන්නට බැරිනම් අනික් උන්ට එය දක්වනු පිණිස තමන් අපායට වැටී හෝ ගේමක් දීම ද විහිලුවකි. එහෙත් මෙවැන්නන් හිතා සිටින්නේ මෙසේ බුදු බණට විපක්ෂ වූ ආකාරයට ධර්මය රැකීම වූ කලි තමන් ඉපදෙන ඉදිරි ආත්මයේදී අනිවාර්යෙන් නිවන් යන බවය.
අනේ සාදු.

මේ පාර චාන්ස් එක අත්හරින එකාලට ඊලගපාර මොන චාන් ද බන්ස්?


ඔය කණ්ඩායමම එක්වී මේ පාර ලද චාන්ස් එකෙන් උපරිමය ගෙන මේ පාරම නිවන් යන්න ට්‍රයි එක දුන්නා නම් මේ රටත් සුන්දරය. බුද්ධාගමත් තව කල්පගානකට රැකේය. ඒත් දැන් ඔය කරන නාඩගමෙන් ඉතා ඉක්මණින් බුද්ධාගමත් වලපල්ලටම යන්නේය.
බුදු සරණයි!


෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...