Friday 26 May 2017

පිනේ අඩු නැති- අනේ පිඬු සිටු

පිනේ අඩු නැති- අනේ පිඬු සිටු...


අනේ පිඬු සිටුතුමාණෝ
අපිස්බව මතු කලාණෝ
සිතම හිස්කර බුදුන් හැබැහින් 
දුටුව නැණවතාණෝ
දහස් සුවහස් දනන් තුඩ තුඩ
පින් සිත්මඇති කලාණෝ

පුරා කහවනු එබිම අතුරා
ජේතවන පින් බිමාණෝ
පුදා බර හිස් කලාණෝ
සියලු රැස් කළ ධනය දන් දී
නිවා සිත සැන සුවාණෝ
පිනේ අඩු නැති
අනේ පිඬු සිටු තුමාණෝ
ගසා මලු පොදි සිතම අවුරා
හිඳින සිත් කැළඹුවාණෝ
යථා බව මතු කලාණෝ
තුටින් දන් දී දුගී වූවත්
සිතින් මහ පෝසතාණෝ
පිනේ අඩු නැති
අනේ පිඬු සිටු තුමාණෝ

෴සමනොළ විජයරත්න෴
14/05/2014

1 comment:

  1. පිනේ අඩු නැති
    අනේ පිඬු සිටු තුමාණෝ...
    ඒ පදයට රිද්මය එන්න තව කොටසක් එක් කලා නම් හොඳයි කියලා හිතෙනවා.... කවිය ලස්සනයි ...

    ReplyDelete

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...