Thursday 18 May 2017

රට හැර යාමෙන් තුන්බිය දුරුවේ..

රට හැර යාමෙන් තුන්බිය දුරුවේ..


විදෙස්ගත වී ජීවත්වීමේ සටනට මුහුණ දෙන වුන්ගේ ලංකාවේදී තිබූ බිය තුනක් පහවේ. එනම්,

1. ඉංගිරිසි කතා කිරිමේ බිය දුරුවීම.

ලංකාවේදී වැරදි වැරදී පැටලි පැටලී කඩ්ඩ දැමීමට තිබු බිය සුද්දලාගේ රට වල වසන විට ඉබේම නැති වී යයි.

2. රිය පැදවීමේ බිය දුරුවීම

එනම් ලංකාවේදී රියදුරු බලපත තිබුණද වැදගත් නීතීගරුක රියදුරකු ලෙස මනා කෞෂළ්‍යෙයන් රිය පැදවීමේ ඉවසීමක් නැතිකම මෙවැනි රටවලදී බරපතල දඩ වැදීමත් සමග අඤ්ඤකොරොස්වී නැවත රියදුරු බලපත් ලබාගෙන සුපිරි මහත්මා රියදුරන් බවට පත්වේ. එමගින් කලානුරූපීයව ඔවුනගේ රිය පැදවීමේ බිය දුරුවේ.

3. ගූ බය දුරුවීම


එනම් කැලි කසල මළ අපද්‍රව්‍ය අතපත ගෑමට හා ඒවා ශුද්ධපවිත්‍රකිරීමට ඇති බිය පහවීමය. එනම් මොන සුදුසුකම් ඇතිව වුවත්, එන බහුතරයක් අයවලුන් මෙවැනි රටවලට ආවිට ලංකාවේදී තමන් කළ පන්නයේ රැස්වලල්ල සහිත රැකියාවක් එක්වනම සොයාගැනීම අතිශය අපහසුය. එහෙයින් අකමැත්තෙන් හෝ මහන්තත්තකම් පසෙක තබා වැසිකිළි සුපරිමාකට් ආදී ස්ථාන පිරිසිදු කිරීමේ රැකියාවක් හෝ අල්ලා ගත යුතුය. සමහර පුද්ගලයින් අඩුතරමේ සිය නිවසේ වැසිකිළියවත් ශුද්ධ පවිත්‍රකර නැති ලොකු ලොකු කොම්පැණිවල පොඩි පොඩි උන්විසින් කරන ශුද්ධපවිත්‍රකිරීම් අධීක්ෂණය කළ පරිපාලකයන්ය. එවැන්නෝ ඒ කාලයේ පිරිසිදුකිරීමේ සේවකයන් වෙත දැමූ ප්‍රෙෂර් එකට ගැලපෙන්නටත්, අම්මලා බිරිඳලා ලවා ගේ දොර සුද්ධකර වැසිකිළි සෙෝදවා ගත් පාප කඳට සරිලන්නට ටොන් ගණන් කක්කුස්සි පවිත්‍රකර නිකසල කුසල් රැස්කර ගනිති.
එකී තුන්බිය පහවූ මිනිසුන් පසුව කෙමෙන් කෙමෙන් මෙවැනි රටවල තමන්ගේ අරමුණු කරා යයි. වැදගත් වන්නේ එයයි. එසේම එලෙස ඩවුන්ද බොටම් හෙවත් යළි පතුලේ සිට පිටරටදී යළි මුල සිට ජීවිතය අරඹන මිනිසුන්ට ජීවිතය දෙස වඩා පුලුල්ව බැලීමේ දෘෂ්ටිය ඇති කර නොගන්නේ නම් ඇති වැඩක් ද නැත. 

෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...