Wednesday 24 May 2017

ඒ ඒ බනිස්වලට කුරාණය බයිබලය හා ත්‍රිපිටකය

ඒ ඒ බනිස්වලට කුරාණය බයිබලය හා ත්‍රිපිටකය?

බයිබලයේ පරණ තෙස්තමේන්තුව හා කුරාණය සමාන බව සත්‍යයක්. සිය දෙවියන් විශ්වාස නොකරන්නා විනාශකරන මෙන් එහි සදහන්වන බව දැකිය හැකියි. එහෙත් දෙවිවරු ඔහොම මීනිමරණ උපදෙස් මෝඩ මිනිසුන්ට දෙන්නේ නැත. කාලෙන් කාලෙට ලොව ඉපදුනු තමන් දෙයියන්ගේ සමීපතමයකුයැයි කියාගන්නා පූජක පිරිස් අතින් සිය වාසිය තකා ඔය කියන්නා වූ ශුද්ධ ලියවිලි සැකසෙනව. මොනාවුනත් වත්මන වන විට බයිබලය ඒ ආගමික ප්‍රජාව විසින් ක්‍රමිකව විද්‍යනුකූලව සහ මනුෂත්වයට ඔබින විදියට යම් යම් ආකාරයට සංස්කරණය කර තිබෙනව. ඒ අනුව ඔවුන් දෙවියන් යන්න අතිශය උත්තරීතර ලෙස අර්තගන්වා තිබෙන බව පෙනෙනව. යමෙක් ඔබගේ වම් කම්මුලට ගැසුවොත් අනෙක් කම්මුලද අල්ලන මෙන් අතිශය සාමකාමී මානුෂවාදී අහිංසක දෙසුමක් ඉන් ජනිත කෙරෙනව. එය අතිශයින්ම මානව ප්‍රගමනයට බලපානව. එහෙත් කුරාණය ම්ලේච්ඡ පැරණි පූජකයින් කියපු යම් කූඨ පරමාර්ථ දේවත්වයෙහි ලා සලකා ගෙන දියුණු ශිෂ්ටාචාරය තිරිසන් වනචාරී යුගයට ගෙනයන්න හදනව. මොලේ තියන මුස්ලිම් ප්‍රජාව දෙයියන්ට තියන බොරු හුඹස් බිය අයින්කරන් රැඩිකල් විදියට හිතන්න ඕනි.
අනික තමයි බුද්ධාගම. බුද්ධ දර්ශනයෙ කොතැනකවත් කියල නැහැ ආගම වෙනුවෙන් හරි මොනම දේකට හරි අනෙකාව මරා දාන්න තියා අඩුතරමේ හිංසාවක්වත් කරන්න. සිතෙහි වූ අපිරිසිදු රාග ද්වේශ මෝහ සිතුවිලි ක්ෂය කරමින් සීල සමාධි ප්‍රඥා යන මනුෂ්‍යත්වය ද අභිබවා යන ශ්‍රේෂ්ට සිතුවිලි මනුෂ්‍යකු තුළ ප්‍රගුණ කරවන දහමක්. ඒත් කරුමය වනාහී මෙම ධර්ම රැකීම පිණිස කටයුතු කරන සමහර වහන්සේලා කුරාණය හෝ පරණ තෙස්තමේන්තුව අදහනවදො කියලත් හිතෙනව. ඒත් ඒ අය කියන්නෙ අපි අපේ ධර්මෙ මිනී මරණ හිංසාකරන ඒව නැතත් අරුන් අර විදියට එනව නම් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි සප්ලයි කරල පෙන්නන්නත් අපිට පුලුවන්ය කියල. බලපුවහම ඒකෙත් තර්කයක් තියනව. ඒත් ඒක බුද්ධ දර්ශනයට නම් කිසි ලෙසකින්වත් ගලපන්න බැහැ. කරුණාව මෛත්‍රිය තුළින් තමන් නැසීමට එන සතුරා තුළ වුව ද ප්‍රඥාව අවධිකර ඔවුන් තුළ මනුෂ්‍යත්වය නගාහිටුවන්න කටයුතු කිරීම හැර මීට ගැලපෙන වෙන විසඳුමක් නම් නොපෙනේ.
෴සමනොළ෴

5 comments:

  1. ඒ උනාට මට ආවේනික ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    "මේ වෑයම බුද්ධ ධර්මයේ චිරස්ථිතිය සඳහාමයි" කියලා යුද්ධ කරපු රජෙක්ව අදහන, යුද්ධ කරන්න උපදෙස් දෙන්න රජතුමා එක්ක අශ්ව කරත්තයේ පැත්තකින් වාඩිවෙලා යුධ පිටියට ගියපු 'වීර' හාමුදුරුවරු හිටපු අතිතයක්නේ තියෙන්නේ. ඉතින් බුද්ධ සාසනේ ආරක්ෂා කරන්න 'දිවිහිමියෙන්' කටයුතු කරන්න එක එක සේනාවන් පෙළගැහිලා ඉන්නේ කලින් හිටපු අයගේ පුනරාගමනයක් වගේ කියලයි කියන්නේ.

    කොහොමත් ත්‍රිපිටකයේ සාසනේ රැකගන්න කියලා කෙලින්ම කියලා නැති උනාට ඒවායේ නැති ඒවානේ වැඩිපුර කරන්නේ.

    දැන් කවුද වැරදි?

    ReplyDelete
  2. ක්‍රිස්තියානි ආගමේ බයිබලයේ පරණ ගිවිසුමේ තියෙන ගොඩක් චාරිත්‍ර හා ඇදහිලි ක්‍රම භාවිතයට ගන්නෙ නෑ... බයිබලය පරුවර්තනය වෙලා මිනිස්සු අතරට යන්න කලින් පූජකවරු තමන්ට ඕන ඕන විදිහට බයිබලේ තියෙන දේවල් අර්තකතනය කරා... ඒ එයාලගේ වාසියට... ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරත් එක්ක ගොඩක් දේවල් වෙනස් උනා... කලින් අදහපු දෙවල් එහෙම... ඉස්ලාම් ආගමේ ප්‍රශ්නෙ තියෙන්නේ මේ වගේ ආගමික ප්‍රතිසංස්කරණයක් හරියට උනේ නැති එක...

    ReplyDelete
  3. Followers ගැජට් එක දාන්න බ්ලොග් එකට... තව popular posts ගැජට් එකත් දාන්න...

    ReplyDelete

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...