Thursday 18 May 2017

පාත්තරෙ ඉරක් ගියානේ..හුටස් අඩියම නෑනේ..

ලංකාව දුප්පත් රටකි. ඒ රටේ මිනිසුන් පත්කර ගෙන ඇති ඕනෑම කුරුවල් ආණ්ඩුවකට පාඩම් උගන්වන්නේ රටේ වියදමින්ම බිහිවූ උගතුන් බුද්ධිමතුන් යැයි කියන පිරිස මූලික වීමෙනි. ඔවුහු පඩයක් ගියත් වැඩවර්ජන කර ආණ්ඩුව හොල්ලා බිමදමන්නේයැයි කියති. මෙය වනාහී අතිශය ළපටි මොළයක් නැති කුජීත බහුබූත වැඩකිය. දේසපාලකයන්ට ආණ්ඩු පෙරලුනාට හම්බකරගත් ධනය ඇති නිසා පිටරටකට ගොස් හෝ ජීවත් විය හැකිය.එහෙත් රටේ දිනක් වැඩ කිරීම නතර වූ විට නිෂ්පාදන සේවා ඇණහිටීමෙන් රටට එන ආදයම් මාර්ග සියල්ලට කෙළවී තුන්වැනි ලෝකයේ අගාධයටම යන්නේය. ආණ්ඩු පෙරළා යළි බලයට එන්නේ හිටියා වාගේම තක්කඩි රෑනකිය. අන්තිමේ දුප්පතා සදා දුකේය.

රටම නවතා බලය ගැනීමේ තකතීරු සිතුවිලි ඇත්තේ දේශමාමකයින්ටද?

අපි ආ දාට රටම සුරපුරයක් කරනවා යනුවෙන් හිතා ඉන්නා වුන් තුළ යහපත් අදිෂ්ඨාන තිබිය හැකිය. ඒත් ආණ්ඩු පෙරළීමට තාම අනුගමනය කරන්නේ ජනතා විරෝධී පට්ට පරණ ගොන්පාට්ය.ඇත්තටම රටට ආදරේ ඇති වැඩකාරයෝ නම් බලය ගන්න ඔයිට වඩා දියුණු ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ගිරවුන් සේ දියුණු රටවල් ධනවාදීයැයි අවලාද කියමින් නොසිට, ඒ රටවල් දෙස බලා උන්ව අධ්‍යයනයකර වර්ජන කරවීම වෙනුවට මොකා බලයේ හිටියත් රටේ රාජකාරී වන්නට සලසා ආණ්ඩු පෙරලීමට හැකි දේශපාලනයක් ගොඩ නගාගත යුතුය..

18 වැනි සියවසේ ගොන්පාට් වලින් ඔබ්බට යායුතුමය

රට දියුණු කිරීම ආණ්ඩු පක්ෂයේ වගකීම ලෙස කියමින් 18 වැනි සියවසේ යල්පැනගිය කොමියුනිස්ට් කාරයෝ කළ වර්ජන පෙලපාලි රෙද්දවල් වලම එල්ලී එකම ගූවලේ කා කොටා නොගෙන, නිර්මාණශීලීව ජනතාව ඉහලට ගැනීමට විපක්ක්‍ෂයේ උගත් බුද්ධිමත් මිනිසුන්ට මෙන්ම රටේ මිනිසුනට ද ඥානාලෝකය පහලවිය යුතුය.


෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...