Wednesday 17 May 2017

ඇයි මචං අපි වඳ වෙලා යන්නෙ?

පෙණුම ගත්තම තනිකර දකුණු ඉන්දීය ලුක් එක. ඒමදිවට ජාතියම කුළ වලට බෙදා ගෙන වැඩි කුලේ එකා අඩු කුලේ එකාට දීගයක්වත් නොදෙන, බුද්ධසාසනේ රකින සංඝ පරපුරද කුලේ අනුව මිනිසුන්ම බෙදා ගෙන මහණ කරන අපේ ජාතිය ලොවේ ඇති උතුම්ම එකම ජාතිය වෙච්චි එකම මදෑ.... ඒ විතරක් යැ එකම රටේ දෙමළ මුස්ලිම් යන දෙකොට්ටාසය සමග සමගියෙන් ඉන්නට නොහිතන, අඩු තරමේ බුදුන්දෙසු සද්ධර්මයේ අයිතිකරුවන් ලෙස තබාගෙන වෙන ජාතියක එවුන් එහි මහණකරවාගෙන ඔවුන්ද බෞද්ධයින් හෝ ලාංකිකයන් ලෙස සැලකීමට නොහිතන, ඔය රටාව අනුව ජාතිය රැකේද? අනික එහෙම රකිනවා යනු ඔය සකල භේද අනේ අපේ සංස්කෘතියයැයි කියමින් තව ඉදිරියටත් ගෙනයාමද?
විද්‍යනුකූලව ගෝත්‍රිික ජනසමාජයන්හී එකම ජානකිටුව කැරකීකරකීම තිබීමෙන් නිරෝගී ජනතාවක් බිහි නොවේ. සිංහලයන්ද ලොව සෙසු ජාතීන් සමග සම්මිශ්‍රණය විය යුතුය. බුදු බණට අනුව එය කිසිදු අවුලක් නැත. බුද්ධාගමද තොගපිටින් අන්ජාතීන්ටද සහෝදරාත්මකව දිය යුතුය. මේක අපේ තොපි අත තිබ්බොත් යනුවෙන් උදාන වාක්කිය දැමීමට පෙර ඒ බව සිතිය යුතුය. සිංහලයා ගෝත්‍රික නොකර දූපතෙන් එපිටට විත් කල්පනා කලයුතුය.
මේ ලෝකෙ හරි විසාලයි. සුන්දරයි මචං..එකතැන කැරකෙන් නැතුව කටුවෙන් එලියට ඇවිත් හුස්ම ටිකක් ගනින්. එතකොට ඔය ගතිය මගහැරිල යාවි, උඹ සැබෑම මානවහිතවාදියෙක් වෙයි මචං.
෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...