Thursday 18 May 2017

නොගැලපෙන රෝද

නොගැලපෙන රෝද

නොගැලපෙන රෝද යනුවෙන් සුන්දර කතාවක් ඉස්සර අපි පුංචිකාලෙ සෝවියට් කතාවක කියෙව්ව තාම මතකයි. වාහනයක එක එක ප්‍රමිණයේ රෝද 4ක් දාගත්තොත් සිද්ධවෙන ප්‍රතිරෝධය හමුවේ ඉදිරියට යාමට වන බාධාව ගැන සුන්දර ගැඹුරු අදහසක් ඉන් මතු වනව.
අද කම්කරු දවස ගැන හිතද්දිත් අපේ රටේ වැඩකරන ජනතාව හාම්පුත්තු පාලකයින් ආර්ථිකය යන කාරණා ගැන හිතද්දි මේ කතාව ආයෙ මතක් වුණා.
විපක්ෂෙ ඉන්න දේසපාලකයෝ කම්කරු ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටිමින් වෘත්තීය සමිති හරහා සෑම කම්කරුවෙක්ගෙන්ම මාස්පතා සාමාජික මුදල ලෙස සූටි ගාස්තුවක් ගෙන (එය සූරා කෑමක් නොවේ හරිය) හැකිතරම් වැඩ නොකර නිකම්ම ඉදන් පඩිය ගැනීමට සේවකයන් දිරිගන්වන පන්නයේ ගොං මෝල් දේසපාලනයක් කරනව. හාම්පුත්තු ද සේවකයන් හතුරන් ලෙස සලකමින් දෙන්න තියනදෙත් නොදී අඩුවෙන්ම සල්ලි දී වැඩියෙන්ම වැඩ ගැනීමට හිතනව. බලයේ සිටින අය හැකිතරම් බදුගසා ව්‍යාපාර වලින් සහ මිනිසුන් සූරා කාල ඒ බදු මුදලින් ජනතාවට සේවය කරන්න කයලා තමන්ට ඉතා සුඛෝපභෝගී වාහන නිවාස ඇතුලු පහසුකම් ලබා ගන්නව.
මේ සෙල්ලම නිසා රටේ ව්‍යාපාර කිසිම කිසි කාලෙක දියුණු තත්වෙකට පත්වෙලා රට ගොඩයාවි කියල හිතන්න අමාරුයි. ව්‍යාපාරත් දියුණු කරන්න අමාරු නම් ඒ සදහා සමාජයේ සුදුසු අධ්‍යාපන ක්‍රමවේදය වැනි කොනක සිට සැදීමටත් මුදල් නැති නිසා රටට මුදල් උපයන්නට ඇති ක්‍රම කිහිපයක් තියනව. එක්කො විදෙස් ණය ගන්න ඕනෙ නැත්නම් ඔය තියන ඉඩමක් කඩමක් විකුණල රටේ අයට කන්න බොන්න දෙන්න ඕනැ.
අහවලා ආහම රටම ගොඩ යනවා කියල හැම දේසපාලකයම කියනවා. අපි ඒ කියන දේ අහනවා. ඒත් කවුරු බලේට ආවත් අර විරුද්ධකට්ටිය වාහනේට දාල තියන නොගැලපෙන රොද අයින් කරන්න නැහැ. ඒ හින්ද තව සියවසක් ගියත් ලංකාව නොගැලපෙන රොද කතාවට සජීවි නිදර්ශකයක සපයනව.
෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...