Thursday 18 May 2017

මහපොළ දුන්නෙ බන්දේසියෙ තියල නෙමේ නිසාලු

මහපොළ දුන්නෙ බන්දේසියෙ තියල නෙමේ නිසාලු


ඇතුලත් මුදලි බන්දෙසියේ තබා මහපොළ ආධාර ක්‍රමය දුන්නේ නැති නිසා ඔහුගේ නමින් ඉදිවන නේවාසිකාගාරයේ ඵලකය කැඩූවා යැයි කියන සරල තැනට ශිෂ්‍ය ව්‍යාපාරය පත්වීම,වනාහී වත්මන් රටේ ඇති වී ඇති සමාජ දෙශපාලනික අර්බුධයයි.

මහපොළ නිර්මාණශීලීයෙ

මේ ෙරටේ පැන නගින අර්බුධ වලට දේශපාලනික ලෙස විසඳුම් දීම දේශපාලකයින් සතු වගකීමකි. එහිදී නිර්මාණශීලි දේශපාලනඥයකු ලෙස ලලිත් ඇතුලත්මුදලි මහතා රටේ ශීෂ්‍ය ව්‍යාපාරයේ හඩට සවන්දී මහපොළ ශීෂ්‍යත්ව යාන්ත්‍රණයක් ඇති කොට තිබේ. එය කවර රජයක් යටතේ වුවද ස්වයංක්‍රීයට මුදල් උත්පාදනය කරමින් යන ආකාරයට පිහිටු වීම පැසසිය යුතුය. මෙහිදී එකී ශිෂ්‍යත්වයේ ගෞරවය ඇතුලත්මුදලි හා ශිෂ්‍යව්‍යාපාරය අතර බෙදාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවයි පෙනෙන්නේ. ලලිත් ඇතුලත්මුදලිට ගෞරවය හිමිවීම පිටුදැකීමට මේ අය නිර්දේශ කරනවාද? නැතහොත් ගෞරවය සමානව බෙදා ගැනීමට වෙනත් දෙයක් කළ යුතුද?

ගෞරවය බෙදා ගැනීම

මට නම් හිතේන්නෙ කොහොම හරි රටේ සිසුන්ට යම් යහපතක් සිදුවූ පසු එතනින් එහාට අලුතින් යමක් ගොඩ නැගීම මිස, ලලිත් ඇතුලත්මුදලිගේ නම දැමීම ගැන යකා නැටීම ගොං වැඩකි. තවද තමන් අතින් වූ අනවශ්‍ය කටයුත්ත (ඇතුලත්මුදලි පිටුදැක අගරුකිරීම) සාධාරණීකරණය කිරීමටයමින් ශිෂ්‍යව්‍යාපාරය මේ තරම් පච විය යුතු ද නැත.

මහපොළ ශීෂ්‍යත්ව නම වෙනස් කලොත් හෙම?

මහපොළ ශිෂ්‍යත්ව කියන නම වෙනස් කර ලලිත් ඇතුලත්මුදලි ශීෂ්‍යත්වය යනුවෙන් මෙහි නම වෙනස් වූ වානම් ලාංකීය ශීෂ්‍ය ප්‍රජාවම එම ශිෂ්‍යත්වය ගැනීම ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය.???

බීරී අලින්ගේ කපුට වීණාවෙන් අණින තුරු සිටීම

අනික මේ රට නම් මහපුදුම රටක්ය. එක්කෝ එකෙක් දෙන්නෙක් හෝ කිහිප දෙනෙකු මැරෙන තුරු සටන් කරමින් දුප්පතාට සහන ඉල්ලිය යුතුය. දේසපාලන පුටු වලට එන තක්කඩින්ට පුටුවේ වාඩි වී ජනතා බදුමුදලින් පළමුව තමාගේ යාන වාහන ගේ දොර සරි කර නොගෙන තඹ දොයිතුවක සහනයක් ජනාවට ලබා නොදෙන්නේය. මේ දෙපරසංසයේ සමස්ත ප්‍රතිපලය අනුව රටේ සීඝ්‍ර දියුණුව ගැන හිතන කොටත් ඇති වන්නේ වවාගත නොහැකි කණගාටුවකිය.

෴සමනොළ෴
20/03/2017

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...