Thursday 18 May 2017

අධ්‍යාපනය මරණ හිඟන සිතුම්

අධ්‍යාපනය මරණ හිඟන සිතුම්

ජනසමාජයක සංස්කෘතිය, තාක්ෂණය,දැනුම භාවිතා කිරීම අනාගතය වෙත සම්ප්‍රේෂණය කර විභවයකින් යුතුව පවත්වාගෙන යන ක්‍රමවේදය අධ්‍යාපනය ලෙස හඳුනාගත හැකිය.

තියන දේ ගැන උදම් අනමින් විරිත්තීම

අතීතයේ කෙතරම් සූක්ෂ්ම දියුණු විභවයකින් යුත් දැනුමක් ඥානයක් සංස්කෘතියක් තුළ තිබුණ ද වත්මන වන විට ලෝකයට සාපේක්ෂව ජනසමාජය තුළ ඒවා නැතිව දුප්පත්භාවයට පත්වී ඇත්නම් එය සමාජයේ අධ්‍යාපනයේ සිදුවූ ප්‍රබල කඩා වැටීමකි.

බාල අධ්‍යාපනයෙන් බාල බඩු මිස?

එවැනි කඩා වැටුණු අධ්‍යාපනයක් තුළින් බිහිවන නිෂ්පාදන ද කොලිටියෙන් බාල ය. බඩු ෂුවර් නැත. සමාජයේ දිශානතිය, රටේ සංවර්ධනය, තාක්ෂණය, කර්මාන්ත ආර්තිකය දියුණු කිරීමට ඇවැසි ඥානය දැනුම ප්‍රාග්ධනය සිය රට තුළට අද්දවා ගැනීමට අසමත්ය. තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සපුරා ගැන්ම පිණිස රාජ්‍ය බලය අල්ලා ගෙන ආණ්ඩුවේ සල්ලියම ගසා කෑමට සිතති. නිදහසින් වසර 70 වක් ගොසිනුත් ප්‍රතිඵලය එකමය.

හැම රෙද්දම ආණ්ඩුවෙන් දියව්!

හැමදේම ආණ්ඩුව මගින්ම කරගැන්මේ කල්පනාවලිය තුළ සිරවී සිටිති. ලෝක ප්‍රවණතා අනුව කාලීනව රටවල ආර්තික පිහිටීම් වල වූ ශක්‍යතා වන්ගෙන් ජාත්‍යන්තර ආදායම් උපයාගැනීමෙන් බැහැරව විවෘත ආර්තිකයේ ඌනතාවන්ට බැන වදිමින් නිර්මාණශීලීතාවෙන් බැහැරව කටයුතු කරති.
සමාජයක රැඩිකල් තරුණ කොටස ද බොහෝවිට හැකිතරම් සහනාධාර ආණ්ඩුවෙන්ම ලබා ගැනීමට යොමු වී සිටිති. නොමිලේ අධ්‍යාපනය ගැනම සිතති. එක්තරා දුරකට එය සත්‍යය. සෑම අයෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතියට නොමිලේ අධ්‍යාපනය වැදගත්ය. එසේම හැම මිනිසකුටම මුදලට අධ්‍යාපන ගැනීමට තරම් හැකියාවක් ඇති ධනවතුන් කරවීමට ද සමාජය කල්පනා කළ යුතුය.

දැනුම තාක්ෂණය යාවත්කාලීන නොවීමේ විපාක

මෙය එකිනෙකට ගැට ගැසී ඇති සමාජය එකතැන පල්කරන කරුණුය. රටේ අධ්‍යාපන ක්‍රමයෙන් එළියට එන වුන් සිතා සිටින්නේ තමා මේ රටින් ලත් දැනුම තමා දැනුම කියාය. එහෙත් මේ මොහෝතේද වාතවේගයෙන් ලෝකයේ දැනුම ඥානය සහ තාක්ෂණය අතිශය ඉදිරියට ගමන්කරයි. අප අප ලද යල්පැනගිය දැනුම වනමින් නව දැනුම රටට නොගෙන සිටියි. සමහර විට මෙය නොදැනුවත්කම නිසා සිදුවේ. සමහර විට මෙයට කැමති වුවද නව දැනුමින් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතිය සහ ක්‍රියාදාම සන්නද්ධ කිරීමට අවශ්‍ය පමණ ආදායමක් මුදලක් නැතිවීමේ දුප්පත්කම නිසා සිදුවේ.

හිඟන විශ්ව විද්‍යාල ඔලුව උස්සන්නේ කවදාද?

අපරටේ අති උසස් යැයි හිතා සිටින විශ්ව විද්‍යාල ඇතුලු අධ්‍යාපනික ආයතන ලෝක මට්ටමින් දහස්ගණනක් පල්ලමේ සිටිති. ඒවායේ නව ලෝක ප්‍රවණතාවන්ට සාපේක්ෂව රැකියා අවස්ථා උපදින දැනුම ඥානය තාක්ෂණය බෙදන පාඨමාලා දිනපතා අලුත්වන්නේ ද නැත. කොටින්ම කියනවා නම් ලංකාවේ බහුතර අධ්‍යාපනික ආයතනවල පාඨමාලා දැනුම තාක්ෂණය දියුණු කිරීමට තබා සේවකයින්ට පඩි දීමටවත් ප්‍රමාණවත් ආදායමක් මුදලක් නැත.

අධ්‍යාපනය මුදලට???

එසේම අධ්‍යාපනය යනු අද ලෝකයේ අංක එකේ බිස්නස් එකකි. එය හරිද වැරදිද යන්න හොයමින් බැන වැදීම වෙනම කතාවකිය. එහෙත් ජාතියක් ලෙස එකී ලක්ෂණය හදුනාගෙන ලොවට අධ්‍යාපනය විකුණන මූලිකයෙක් බවට අපරටේ දිශානතිය වෙනස් කර ගැනීමට සිතිය නොහැකිද?

ගතානුගතික අර්බුදය තේරුම් නොගතොත් හබක්ය.

ගතානුගතික ශිෂ්‍ය ප්‍රජාවද පවතින ක්‍රමයේ සුලු වෙනසක් කළ ද ඊට එරෙහි වෙති. එය ද මේ පවතින සිස්ටම් එකම පවත්වා ගෙන යන දුප්පත්කමේ විශම චක්‍රය තුළ සමස්ත ජනසමාජයම ගිල්වන හූනියමකි. රජය බැරිනම් පුද්ගලික අංශය වෙතින් හෝ ලොව නව දැනුම තාක්ෂණය රට තුළට ගෙවැදීමට දොරගුලු හැර තැබිය යුතුය. එහෙත් අපේ ගුණ දහම් යහපත් දෑ ගසා යාමට ඉඩ නොදීමට ජනසාජමාජය වෙනම වැඩ පිළිවලක් හදා ගත යුතුය. නැතහොත් හැමදාම නිකං කෑමට ඉල්ලමින්, ආණ්ඩුවේ සහනාධාරයම ඉල්ලමින් වගතුවකට නැති අධ්‍යාපන ක්‍රියාවලියක් තුලින් මෙලෝ රහක් නැති, වෘත්තිකයින් උපාධිධාරීන් අනාගත ප්‍රජාවක් එවැනි රටවල දිගින් දිගටම බිහිවනු නියතය.

෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...