Wednesday 17 May 2017

කොලොප්පං වුණු සමාජයට (නි)සැක ධාතු


අට්ඨී, කේසා හා දන්තා යනු සිරුරේ දෙතිස් කුණපයට අයත් ඇට, කෙස් හා දත් ය. මේවා බුදුරදුන් විසින් දෙතිස්මහා කුණප ලෙස නම්කර පිළිකුල් භාවනාවේ කමටහන් නිමිති ලෙස ලබාදී ඇත්තේ සිරුරට වූ ඇලීම අතහැරගැනීම පිණිසය. බුද්ධ ශරීරයේ ද එවැනි ධාතු කොටස් ශේෂ කලේ ඒවා දැක යම් බුද්ධාලම්බන ප්‍රීතියක් සැදැහැවතුන් තුළ ඇතිකරගැනීමේ අරමුණින්ම පමණක් නොවේය. බුදුන්ද මෙලෙස කුණුප බවට පත් වී ගියේ නම් අපට වන සංතෑසිය කවරේදැයි ඥානයෙන් විමසන්නටය. ඒවාට ගරුසත්කාර කරමින් යම් බුද්ධාලම්බන සංතෝසයක් උපදවා ගැනීම වූ කලි අහිංසක පුංචි සතුටකි. එහි වරදක් නැතත් එවැනි දෙයෙහි ඇලී ගැලී නිවන් පැතීම, යන කාරණා ගැන බුදුන් වැඩ විසුවානම් කුමක් දෙසනු ඇත්ද?

වත්මන ධාතු වන්දනාව සමඟ වැඩිවන ඉල්ලුමට තොගපිටින් ධාතු සැපයීම ඒවාට මිලක් නියම කිරීම රූපවාහිනී ගුවන් විදුලි ධාතුසේනලා විසින් (නි)සැක ධාතු ප්‍රමෝට් කිරීම ආදී කොලොප්පං රැසක් මැද බුද්ධ දර්ශනයේ ගැඹුරු හරයන් ගිලී යනු පෙනේ.
හොරා කෑවත් රාජ්‍ය පාලනයට ද සප්ත ධාතු සහිත පුරුස සරීර පමණක් ඉල්ලන සමාජයට නිසැක ධාතු වන්දනාව ද පොඩි මෙව්වා එකකි. ජන විඥ්ඥානය කොලොප්පං වන තරමට කපටි දේසපාලුවන්ට වෙලදුන්ට ජනතාව හුරං කෑමට පහසුය

෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...